ජපානයේ මිලිටරිවාදය යළිත් ඉස්මතු වීමට කිසිසේත් ම ඉඩ නොදෙන බවට චීනයෙන් දැඩි ප්‍රකාශයක්

ජපානයේ මිලිටරිවාදය යළිත් ඉස්මතු වීමට කිසිසේත් ම ඉඩ නොදෙන බවට චීනයෙන් දැඩි ප්‍රකාශයක්

ජපානයේ මිලිටරිවාදය යළිත් ඉස්මතු වීමට හෝ පශ්චාත් යුද ජාත්‍යන්තර පටිපාටිය අඩපණ කිරීමට කුමන පාර්ශ්වයක් උත්සාහ කළ ද ඒ සඳහා චීනය කිසිසේත් ම ඉඩ නොදෙන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසු‍වාය.

ජපානය ස්වයං ආරක්ෂක හමුදාවල ශ්‍රේණිගත කිරීම් වෙනස් කරමින් එවකට අධිරාජ්‍ය ජපන් හමුදා ශ්‍රේණිගත කිරීම් භාවිත කිරීම සැලසුම් කරමින් සිටින බව මෑතක දී, ජපන් නිලධාරීහු රැසක් අනාවරණය කළහ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Mao Ning මහත්මිය පැවසුවේ ජපානයේ මිලිටරිවාදය යුද්ධය දියත් කිරීමෙන් ආසියාවටත් ලෝකයටත් දැඩි ව්‍යසනකාරී දුක් වේදනා ගෙන දී ඇති බවයි. සිය වැරදි සහගත ආක්‍රමණශීලී ක්‍රියාවන් සහ තමා දියත් කළ ආක්‍රමණශීලී යුද්ධය අමතක කරන පාර්ශ්වයට බරපතල අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වනු ඇති බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව එහිදී වැඩිදුරටත් කියා සිටියාය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *