චීනයේ තායිවාන ප්‍රදේශය සම්බන්ධයෙන් ජපන් අගමැතිවරිය සිදු කළ වැරදි ප්‍රකාශ ජපානය තුළ අඛණ්ඩ විරෝධතා රැල්ලකට ලක්ව ඇත.
ඊයේ(17) රාත්‍රියේ ජපාන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායිකා Mizuho Fukushima, සෙනෙට් මණ්ඩල සභික Taku Yamazoe සහ මහජනතාව එක්ව ටෝකියෝ හිදී රැලියක් පැවැත්වූහ. ජපානයේ හමුදා ව්‍යාප්තියට විරෝධය පළ කරමින් අගමැතිවරියගේ වැරදි ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා ලෙස ඔවුහූ ඉල්ලා සිටියහ.
එම රැලියේදී බොහෝ දේශපාලනඥයින් සහ පුරවැසියන් ජපාන අගමැති Sanae Takaichi ගේ වැරදි ප්‍රකාශ දැඩි ලෙස විවේචනය කර ඇත. එය ජපාන රජයේ ස්ථාවරයන්ගෙන් බරපතල ලෙස බැහැර වූවක් බවත්, එය ජපාන-චීන සබඳතාවේ පදනමට හානි කිරීමක් වන අතර, ජපානය මිලිටරි ගැටුමක අවදානමට ලක් කරනු ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.
