ජපන් අගමැතිනියගේ තායිවාන ප්‍රදේශය පිළිබඳ ප්‍රකාශය චීනයේ දැඩි දෝෂ දර්ශනයට

ජපන් අගමැතිනියගේ තායිවාන ප්‍රදේශය පිළිබඳ ප්‍රකාශය චීනයේ දැඩි දෝෂ දර්ශනයට

ජපාන අගමැතිනිය එරට පාර්ලිමේන්තුවේදී චීන තායිවාන ප්‍රදේශය සම්බන්ධයෙන් සිදු කළ බරපතල ප්‍රකාශ‍ය චීනයේ දැඩි දෝෂ දර්ශනයට ලක්වෙයි. ඒ පිළිබඳ දැඩි නොසතුට හා ප්‍රබල විරෝධය පළ කරන අතර එය එකම චීනය ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් සහ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ ප්‍රකාශක චෙන් බින්හුවා මහතා අද (12) ප්‍රකාශ කළේය. ලෝකයේ ඇත්තේ එකම චීනයක් වන අතර තායිවාන ප්‍රදේශය චීනයේ කොටසක් බවද ඔහු අවධාරණය ක‍ළේ නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *