පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගෙන් දැනුවත් කිරීමක්.
- ජනාධිපතිවරයාගේ නියෝජිතයන් වන ආණ්ඩුකාරවරුන් මැතිවරණයක් අභියසදීම සිදු කරනු ලබන පිළිකුල් සහගත ක්‍රියා කලාපය වැලැක්වීම මැතිවරණ කොමිසමේ වගකීමයි.
- ජනාධිපතිවරණය පිළිබඳව ජ්‍යෙෂ්ඨාධිකරණයේ මතය වීමසීම පුරවැසි අයිතියක්. ඒ පිළිබඳ ගැටළුවක් අපට ඇත්තේ නැහැ.
නමුත් ගැටළුව ඇත්තේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය තුලයි. පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැති කල් දැමූ ආණ්ඩුවක් සහ නායකයෙක්, පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමූ ආණ්ඩුවක් සහ නායකයෙක්, ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද, ජනාධිපතිවරයාගේ පක්ෂයේ නායකයන් විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රරකාශයන් සිදුකළ අවස්ථාවක මෙවැනි ප්‍රශ්නයක් මතු වීම පිළිබඳව අපටත් රටේ පුරවැසියන්ටත් ඇත්තේ බරපතළ ගැටලුවක් සැකයක්!
මේ වගේම මීට පෙර පළාත් පාලන මැතිවරණය වෙලාවේ හිටපු හමුදා නිලධාරියෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා රට ආර්ථික අතින් බංකොලොත් වෙලාවක මැතිවරණය පවත්වන්න එපා කියලා. මං එතුමා ගැන වැඩිදුර විස්තර කියන්නේ නැහැ, මෑතකදී තුමා අබාවත් පාත්‍ර වූ නිසා.
එම නිසා මේ උත්සාහ කරන්නේ ජනාධිපතිවරණයටත් වෙට්ටුවක් දාන්නද යන සැකයන් අපටත් පුරවැසියන්ටත් ඇතිවීම සාධාරණයි…
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30:02, වගන්තියෙ, සහ අසූ එකේ අංක පහළොව දරන ජනාධිපතිවරයා පත්කර ගැනීමේ පනතේ පැහැදිලිවම ජනාධිපතිවරයාගේ ධූර කාලයේ උපත සහ විපත සඳහන් වෙනවා. එය අනුව ද සිට දින දොළහකින් ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසමට බලය පැවරෙනවා මැතිවරණයේ නාම යෝජනා දෙන තීන්දු කරන්න, නාමයෝජනා ස්ථානය තීන්දුකරන්න, සහ මැතිවරණය පවත්වන්න. කිසිවෙකුට එම බලය පැහැරගන්න බැහැ.
මේ විදිහටම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 2018 වර්ෂයේ දී ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා එතුමා විසින් අඩු කරන ලද දුර කාලය ඔහුට ගත කරන්න පුලුවන්ද කියල බලන්න. එහි දී ශ්‍රේෂ්ඨාධිකරණය නිරවුල්ව තමන්ගේ මතය ප්‍රකාශ කළා. එවකට නීතිපතිවරයාව කටයුතු කළේ වර්තමාන අග විනිසුරුතුමයි.
ඒ අනුව තවත් දින දොළහකින් මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා මැතිවරණය පවත්වන්න, තව දින අනූ තුනකින් නියත වශයෙන්ම නව ජනාධිපතිවරයෙක් සහ නව ආණ්ඩුවක් පත්වෙනවා.
මේ උත්සාහ කරන්නේ ව්‍යාජ සංවාදයක ජනතාවත් මාධ්‍යයත් හසුකර ගැනීමටයි. මේ උත්සාහ කරන්නේ ව්‍යාකූලත්වයක් ඇති කරන්නටයි. අප මැතිවරණ කොමිසමෙන් සිදුකරන ඉල්ලීම නම් මේ මොහොතේ අවිනිශ්චිත භාවයක් ඇති වන්නට ඉඩ දෙන්න එපා. කරුණාකර මැතිවරණයේ දින වකවානු සහ මැතිවරණ කොමිසමට ඇති බලතල පිළිබඳ ජනතාව දැනුවත් කරන්න.
මීට දින කිහිපයකට පෙර මැතිවරණ කොමිසම, පොලිස් දෙපාර්තමේන්තුවට සහ රජයේ මුද්‍රණාලයට මැතිවරණයට සූදානම් වන ලෙස දැනුම් දීමක් සිදුකර තිබුණා. එම දැනුම් දීමෙන් පස්සේ යම්කිසි ව්‍යාකූලත්වයක් රජයේ මුද්‍රණාලයේ ඇති වී තිබෙනවා. මේ මොහොත වන විට රජයේ මුද්‍රණාලයේ 831ක් පුරප්පාඩු තිබෙනවා. ඔවුන් වැඩකටයුතු කරන්නේ දැඩි පීඩනයක සිටයි. එවැනි අවස්ථාවක ඔවුන්ගේ දිරි දීමනා සංශෝධනය කිරීමට උත්සාහයක්ද, රාජ්‍ය මුද්‍රණාලය පිහිටා ඇති භූමියක් ආයෝජකයෙක්ට විකිණීම සඳහා ඇති උත්සාහයක්ද නිසා මෙම ව්‍යාකූලත්වය ඇති වී සේ තිබෙනවා.
මේකත් ආණ්ඩුව සහ ආණ්ඩුවේ උපදේශකයන්ගේ තවත් සැලසුම් සහගත ක්‍රියාවලියක් ද යන්න සැකයන් අප තුළ තිබෙනවා. මේ පිළිබඳව විමසීමේ සිටින ලෙසට මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා.
ජනාධිපතිවරයාගේ නියෝජිතයන්වන ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරණයක් අබියස දී සහ පළාත් පාලන මැතිවරණය සක්‍රිය වූ අවස්ථාවක දී පළාත් පාලන ආයතන වල හිටපු සභාපතිවරුන් උපසභාපතිවරුන් මන්ත්‍රීවරුන් සහ ආණ්ඩුවේ පක්ෂවල කණ්ඩායම් නායකයින් විශේෂ නියෝජිතයින් විදිහට ප්‍රාදේශීය සභාවට පත් කර තිබෙනවා. මේක අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. මැතිවරණ කොමිසමට හැකියාව තිබෙනවා මේ ආණ්ඩුකාරවරුන්ට නීතියෙන් දඬුවම් දෙන්න.
මේ සෑම ආණ්ඩුකාරවරයෙක්ම දන්නවා මේක කරන්න බැරි දෙයක් බව. හැබැයි මේ රවට්ට වන්නේ අර පොහොට්ටුවෙන් තරග කරපු අහිංසක මන්ත්‍රීවරුන්වයි. අනික් පැත්තෙන් රාජ්‍ය නිලධාරීන් දැඩි අපහසුතාවයකට මින් පත්වෙනවා. ඔවුන්ට මේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන්න බැහැ, රාජ්‍ය දේපළ අවභාවිතා කරන්න ඉඩ දෙන්න බැහැ.
ජනාධිපති ලේකම්තුමනි, කරුණාකර මැදිහත් වන්න. මැතිවරණ කොමිසමෙන් මා ඉල්ලා සිටින්නේ ද රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව උදෙසාට මැදිහත් වෙන ලෙසත් නීතිය මැතිවරණ නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්.
ශ්‍රී ලංකාවේ කිසිදු පළාත් පාලන කොමසාරිස්වරයෙක් මෙවැනි පත්වීමක් සිදුකරන ලෙස ඉල්ලීමක් සිදුකොට . නැති වග අපට සහතික කොට කියන්න පුළුවන්. පැහැදිලිවම කිසියම් පක්‍ෂයක් හෝ කණ්ඩායමක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිදුකරන ක්‍රියාවලියක්.
මම ඉතාම ගෞරවයෙන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා මේ පිළිබඳ වහාම ආණ්ඩුකාරවරුන් නව දෙනා ගෙන්වා ප්‍රශ්න කරන්න.
ආණ්ඩුව දැන දැනම මේ සියලු මැතිවරණ නීති රාජ්‍ය අනුග්‍රහයෙන් උල්ලංඝනය කරනවා. රාජ්‍ය සම්පත් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් ප්‍රජාතන්ත්‍රවාදය මිලදී ගැනීමක් සිදුකරනු ලබනවා. මේ තීරණාත්මක පැයේ මේ පිළිබඳ විමසීමෙන් සිටින ලෙස මා ජනමාධ්‍ය මිතුරන්ගෙන් ද ඉල්ලා සිටිනවා