ජනතා සහ සමාජ අභිලාෂයන් චීන නීති පද්ධතියේ පදනම බවට පත්ව ඇත

ජනතා සහ සමාජ අභිලාෂයන් චීන නීති පද්ධතියේ පදනම බවට පත්ව ඇත

රටක ජීවත් වන ජනතාවට වඩාත් සාධාරණ ලෙස හිමිකම් අඓතිවාසිකම් භුක්ති විඳීම සඳහා ඒ ඒ රටවලට ආවේණික නීති පද්ධතියක් ක්‍රියාත්මක වේ. සිවිල් නීතිය හරහා ලේඛනගත විධිවිධාන අනුව ක්‍රියාත්මක කෙරෙන නීති පද්ධතියක් මෙන්ම පොදු නීතිය හරහා විනිසුරුවරයා විසින් ලබා දෙන තීන්දු පාදක කරගනිමින් නීති පාලන තන්ත්‍ර ගොඩනැඟී පවතී. ඇතැම් රටවල මෙම දෙආකාරයම ක්‍රියාත්මක වේ. එත් වැදගත්ම කරුණ නම් එකී රටවල් කොයිතරම් දුරට ජනතා කේන්ද්‍රීය නීති පද්ධතියක් ක්‍රියාත්මක කරන්නේ ද යන්නයි.

චීන ඉතිහාසයේ පැරණි සම්ප්‍රදායන් හි බලපෑම මත ජනතා පාලනය රඳවා ගෙන තිබේ. සදාචාරාත්මකඅධ්‍යාපනය හරහා සමාජ පාලනය පිළිබඳකොන්ෆියුසියානු දර්ශනයෙන් චීන ඉතිහාසයේ නීතිපද්ධතිය පදනම් විය. ලෝකයේ බොහෝ විට දක්නට ලැබෙන්නේ අතීතය විසින් ගොඩනඟන ලද නිශ්චිත නීති රාමු පද්ධතියක් තුළ සිරවී ජනතාව පාලනය කිරීමයි. කාලයත් සමග ජනතා අවශ්‍යතා සහ රටේ සංවර්ධන සැලැස්ම අනුව නීති යාවත්කාලීන විය යුතුය යන මතයේ සිට වර්තමාන චීන පරිපාලනය නීති සම්පාදනය කර ඇති බව පෙනේ. කාලීනව නීති ප්‍රතිසංස්කරණය කරමින්යහපත් සමාජයක් ජනතාවට ලබා දීම ඕනෑම රටක අරමුණ බවට පත් විය යුතුය. එහි දී විවිධ අංශවලසිදුවන වෙනස්කම් ද සැලකිල්ලට ගනිමින් නීතිය ක්‍රියාත්මක වීම වැදගත්ය.

නීතියේ ආධිපත්‍ය ජනතා අවශ්‍යතා සහ අභිලාෂයන් පිළිබිඹු කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කර තිබේ. මහජන කේන්ද්‍රීය ප්‍රවේශයක් ඔස්සේ ජනතා අවශ්‍යතා ගොඩනැඟිය යුතු බවත්, ඒවා ආරක්ෂා කිරීම උදෙසා නීති සම්පාදනය විය යුතු බවත් ඔහු පෙන්වා දී ඇත. ජාතික ආරක්ෂාව, විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදන මෙන්ම පාරිසරික ශිෂ්ටාචාරය, ජෛව ආරක්ෂාව වැනි ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් චීනයේ නීති සම්පාදනය කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

ඇමරිකාව වැනි බටහිර රටවල් තම නීති කෙටුම්පත කෙතරම් දුරට ජනතා සුබ සිද්ධියට භාවිත කරන්නේ ද යන්න ගැටළුවකි. වාර්ගිකව සිදු කරන වෙනස්කම්හමුවේ නීතිය යනු ධනවතුන්ගේ මුදල මත ක්‍රියාත්මකවන කටයුත්තක් බවත් උසාවිය පිටුපස ඇතිබලවතුන්ගේ ජීවිත පිළිබඳ කතන්දර අප ඕනෑ තරම් අසා ඇත.

ශ්‍රී ලංකාවේ නීති සම්පාදනය බ්‍රිතාන්‍යය යටත්විජිතවාදීපාලන සමයේ ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළ නීති ඔස්සේ තවමත් ක්‍රියාත්මක වීම කාලීන නොවන බව පැහැදිලිය. වර්තමාන සමාජ වෙනස්වීම් හමුවේ නීති පැනවීම ප්‍රායෝගිකව අපහසු බව ද පෙනී යන කරුණකි. නීතිය ඉදිරියේ සියළු දෙනා සමාන බවට චීන ජනපතිවරයාගේ ආකල්පය පදනම් කර ගනිමින් චීනය තුළ නීති ආධිපත්‍යයේ ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීමට පියවර ගෙන තිබෙන බව පෙනේ. චීන ජාතික මහජනකොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ කාර්ය වාර්තාව පරිදි2024 වසර තුළ, නව නීති කිහිපයක් සම්පාදනයකිරීමට සැලසුම් කරන බව වාර්තා විය. ඉන් කිහිපයක් නම් පෞද්ගලික ආර්ථිකය තහවුරු කිරීමේ නීතිය, ග්‍රාමීය සාමූහික ආර්ථික සංවිධාන පිළිබඳ නීතිය, හදිසිඅවස්ථා කළමනාකරණ නීතිය, බලශක්ති නීතිය, සයිබර්ආරක්ෂණ නීතිය සහ ජාතිකාරක්ෂක අධ්‍යාපන නීතියආදිය වේ. නවීන සමාජවාදී රටක් සම්පූර්ණයෙන් ගොඩනැඟීම සඳහා චීනය නව ගමනක් ආරම්භ කර ඇත. චීන ලක්ෂණ සහිත සමාජවාදී නීති පද්ධතිය යාවත්කාලීන කරමින් නව ප්‍රතිසංස්කරන ඔස්සේ සමාජ ප්‍රගමනය ගොඩනැඟීම චීන නීති පරිපාලනයේ අධිෂ්ඨානය වී තිබේ. ද්වීපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සබඳතා ගොඩනැංවීමේ දී නීතිය ක්‍රියාත්මක කිරීමේ හා අධිකරණ සහයෝගතාව පුළුල් කිරීමේ වැදගත්කම ද චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. එබැවින් පුද්ගල කේන්ද්‍රීය නීති රාමුවට සීමා නොවී චීනය, ජනතා සහ සමාජ කේන්ද්‍රීය නීති පද්ධතියක් කාලීන අවශ්‍යතා මත ප්‍රතිසංස්කරණයන්ට භාජනය කරමින් ක්‍රියාත්මක කරන බව පෙනෙන්නට තිබේ.

නීතිඥ සංඛ ප්‍රබුද්ධ

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *