චීන හමුදා ජ්‍යෙෂ්ඨයන්ට චීන ජනපතිගෙන් වසන්ත උත්සවයට සුබ පැතුම්

චීන හමුදා ජ්‍යෙෂ්ඨයන්ට චීන ජනපතිගෙන් වසන්ත උත්සවයට සුබ පැතුම්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුදාවේ සියලු ජ්‍යෙෂ්ඨ කාඩර්වරුන්ට වසන්ත උත්සව සුබ පැතුම් පිරිනමයි.

චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවයේ උදාව නිමිත්තෙන්, ෂී ජින් පිං මහතා (17) බෙයිජිං හි පැවති සංස්කෘතික හා කලා සංදර්ශනයක් නැරඹීමට එක් වූ අවස්ථාවේදී අගනුවර වෙසෙන හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා විශ්‍රාමික කාඩර්වරුන්ගේ සුවදුක් විමසා බැලීය. එය සංවිධාන කරනු ලැබුවේ මධ්‍යම හමුදා කොමිසම විසිනි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා එහි පැමිණ සිටි හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සහ සමස්ත විශ්‍රාමික කාඩර්වරුන්ට වසන්ත උත්සවය සඳහා සුබ පැතුම් පිරිනැමීය.

ෂී ජින් පිං මහතා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ජීවන තොරතුරු විමසා බලා, පසුගිය වසර තුළ චීන කොමියුනිස්ට් පක්ෂයේ, රටේ සහ හමුදාවේ අද්විතීය ගමන්මඟ මෙන්ම ලබා ඇති ප්‍රධාන ජයග්‍රහණ දෙස ඔවුන් සමඟ එක්ව ආපසු හැරී බැලීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *