චීන සහ යුක්රේන විදේශ අමාත්‍යාංශ අතර දේශපාලන උපදේශන පැවැත්වෙයි

චීන සහ යුක්රේන විදේශ අමාත්‍යාංශ අතර දේශපාලන උපදේශන පැවැත්වෙයි

චීන සහකාර විදේශ කටයුතු ඇමති ලියු බින් මහතා යුක්රේනයේ පළමු විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති Serhiy Kyslytsya මහතා සමග දේශපාලන උපදේශන හමුවක් පවත්වයි. එම හමුව ඊයේ(18) බෙයිජිංහිදී පැවැත්විණ.

චීනය සහ යුක්රේනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු‍ දෙරට අතර සහයෝගිතාව සැමවිටම ද්විපාර්ශ්වික සබඳතාවට නිර්වචනයක් වී ඇති බව ලියු බින් මහතා පැවසීය.

අන්‍යෝන්‍ය ගෞරවය සහ විශ්වාසය මෙහෙයවනු ලබ‍න්නේ එකිනෙකා අතර ඇති අවබෝධය සහ අනුවර්තනය වීමේ හැකියාව, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මෙන්ම සමගිය හේතුවෙනි. දෙරට අතර ක්‍රියාත්මක ආර්ථික, වෙළඳාම, කෘෂිකර්මාන්තය, විද්‍යාව සහ තාක්ෂණය මෙන්ම මානව සහ සංස්කෘතික හුවමාරු වැනි ක්ෂේත්‍රවල සහයෝගිතාව දෙපාර්ශ්වයටම ඵලදායී ප්‍රතිඵල අත්කර දී ඇති බව ඔහු සඳහන් කළේය.

රාජ්‍ය නායකයින් දෙදෙනා විසින් ඇති කරගත් වැදගත් එකඟතාව අනුගමනය කිරීමට සහ ද්විපාර්ශ්වික සබඳතාවන්හි ස්ථාවර මෙන්ම තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට චීනය යුක්රේනය සමග කටයුතු කිරීමට සූදානම් බව ද ලියු බින් මහතා සඳහන් කළේය.

Serhiy Kyslytsya මහතා මෙහිදී පැවසුවේ යුක්රේනය චීනය සමග ඇති සබඳතාවන්ට විශාල වැදගත්කමක් ලබා දෙන බවයි. එකම චීනය යන මූලධර්මයට යුක්රේනය අනුගත වන බවත් යුක්රේන-චීන සබඳතාවල අඛණ්ඩ ප්‍රගතිය ඉදිරියට ගෙන යාම සඳහා විවිධ ක්ෂේත්‍රවල සහයෝගතා සහ හුවමාරු පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඔහු සඳහන් කළේය.

යුක්රේන අර්බුදය පිළිබඳවද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *