චීන සම්භාව්‍ය ශිෂ්ටාචාර පර්යේෂණ ආයතනය නිල වශයෙන් ස්ථාපිත කෙරේ

චීන සම්භාව්‍ය ශිෂ්ටාචාර පර්යේෂණ ආයතනය නිල වශයෙන් ස්ථාපිත කෙරේ

චීන සහ ග්‍රීක රජයන්ගේ සහාය ඇතිව, චීන සම්භාව්‍ය ශිෂ්ටාචාර පර්යේෂණ ආයතනය ඊයේ(7) නිල වශයෙන් ස්ථාපිත කෙරිණ. චීනය සහ ග්‍රීසිය අතර සංස්කෘතින හුවමාරු සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙරට නායකයන්ගේ වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කිරීම එහි අරමුණයි.

චීන සම්භාව්‍ය ශිෂ්ටාචාර පර්යේෂණ ආයතනය යනු ග්‍රීසියේ ආසියානු රටක් විසින් පිහිටුවන ලද පළමු සම්භාව්‍ය ශිෂ්ටාචාර පර්යේෂණ ආයතනය වේ. විවිධ යුගයන්හි ග්‍රීසියේ ශිෂ්ටාචාර මෙන්ම ලෝකයේ වෙනත් ශිෂ්ටාචාර පිළිබඳ, මෙහිදී චීන අධ්‍යයන ප්‍රජාව ගැඹුරු පර්යේෂණ සිදු කරනු ඇත. එ‍සේම මෙමගින් පුරාවිද්‍යා හා ශිෂ්ටාචාර පර්යේෂණ ක්ෂේත්‍රයේ චීන-ග්‍රීක, චීන-යුරෝපා සහ ගෝලීය විද්‍යාත්මක පර්යේෂණ ආයතන අතර අධ්‍යයන හුවමාරු, සහයෝගීතා ශක්තිමත් කිරීම‍ මෙන්ම කුසලතා වැඩි දියුණු කිරීමට ද අපේක්ෂා කෙරේ. චීන සම්භාව්‍ය ශිෂ්ටාචාර පර්යේෂණ ආයතනය පුරාවිද්‍යා කැණීම් සිදු කිරීම, සම්භාව්‍ය ශිෂ්ටාචාර පිළිබඳ පර්යේෂණ සිදු කිරීම සහ පුරාවිද්‍යා පුස්තකාල පිහිටුවීම යන වැඩසටහන් ‍ඔස්සේ, ලෝකයේ සම්භාව්‍ය ශිෂ්ටාචාර පිළිබඳ පර්යේෂණ හා හුවමාරු ප්‍රවර්ධනය කිරීමට නියමිත ය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *