චීන-වියට්නාම දුම්රිය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනම් කෙරේ

චීන-වියට්නාම දුම්රිය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනම් කෙරේ

චීන-වියට්නාම දුම්රිය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනම් කිරීමට චීනය අපේක්ෂා කරයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ(19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

උතුරු වියට්නාමයේ විශාලතම වරාය නගරයේ සිට චීන-වියට්නාම් දේශසීමාව දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීම පිළිබඳ ඇමරිකානු ඩොලර් බිලියන 8ක ව්‍යාපෘතිය වියට්නාම කොංග්‍රසය විසින් ඊයේ(19) අනුමත කරන ලදි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Guo Jiakun මහතා පැවසුවේ, මෙය චීන-වියට්නාම් දෙරට අතර සම්බන්ධතාවය සහ වෙළඳාම ප්‍රවර්ධනය කරනු ඇති බවයි.

පසුගිය වසරේ සිට චීනය සහ වියට්නාමය දෙරට අතර දුම්රිය සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අදහස් හුවමාරු කර ගෙන ඇති අතර එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට එකඟත්වය පළ කර ඇත. චීන දේශසීමාවේ පිහිටි හ කෞ ප්‍රදේශය වියට්නාමය හා සම්බන්ධ කෙරෙන දුම්රිය මාර්ගය කඩිනමින් ඉදි කිරීමට චීනය අපේක්ෂා කරන බව ද  හෙතෙම සඳහන් කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *