චීන විදේශ ඇමති සහ යුරෝපා සංගම් නියෝජිතවරියක් අතර හමුවක්

චීන විදේශ ඇමති සහ යුරෝපා සංගම් නියෝජිතවරියක් අතර හමුවක්

චීනය හා යුරෝපා සංගමය අන්‍යෝන්‍ය ගරුත්වයෙන්  සහ විශ්වාසයෙන් යුතුව දිගුකාලීන හා ස්ථාවර උපායමාර්ගික හවුල්කරුවන් ලෙස අඛණ්ඩව ක්‍රියා කළ යුතු බව චීන විදේශ ඇමති වං යී මහතා පවසයි.

හෙතෙම (14) ජර්මනියේ මියුනිච් ආරක්ෂක සමුළුවට සමගාමීව ආරාධනයට අනුව යුරෝපා සංගමයේ රාජ්‍යතාන්ත්‍රික හා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිත Kaja Kallas මහත්මිය හමුවූ අවස්ථාවේදී මේ බව පැවසීය.

චීනය සහ යුරෝපා සංගමය අතර භූ දේශපාලනික ගැටුමක් නොමැත. ලෝකයට වැඩි ස්ථාවරත්වයක් ලබා දීම සඳහා යුරෝපා සංගමය සමඟ උපායමාර්ගික හුවමාරු ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව වං යී මහතා එහිදී පැවසීය.

දේශගුණික විපර්යාස ඇතුළු ක්ෂේත්‍රවල චීනයේ ප්‍රමුඛ කාර්යභාරය යුරෝපා සංගමය අගය කරන අතර බහුපාර්ශ්විකත්වය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු හා මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා චීනය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව Kaja Kallas මහත්මිය පැවසුවාය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *