චීන විදේශ ඇමති සහ තායි කුමරිය අතර හමුවක්

චීන විදේශ ඇමති සහ තායි කුමරිය අතර හමුවක්

චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා, තායිලන්ත රජයේ Maha Chakri Sirindhorn කුමරිය ඊයේ(11) බෙයිජිං හි දී හමු විය.

චීනය පුරා සිදු කරන ලද සංචාර 55 තුළ චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවයේ ජයග්‍රහණ පිළිබඳව තායි කුමරිය සාක්ෂි දරන අතර, ද්විපාර්ශ්වික හුවමාරුවේ දී චීන නවීකරණයේ කතාව තායි ජනතාව අතර Sirindhorn කුමරිය ඉහළින් ප්‍රවර්ධනය කර ඇති බව Wang Yi මහතා පැවසීය. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය යෙදෙන අවස්ථාවේ, චීන-තායිලන්ත මිත්‍රත්වයෙන් ඉදිරි ස්වර්ණමය වසර 50ක් සඳහා දෙරට ජනතාවට වැඩි සුබසෙත ගෙන දීමට හැකි වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව Wang Yi මහතා සඳහන් කළේය.

එහි දී තායිලන්ත කුමරිය ප්‍රකාශ කළේ තායිලන්තය චීනය සමග කෘෂිකර්මාන්තය, තාක්ෂණය සහ සංස්කෘතිය පිළිබඳ සහයෝගීතාවයෙන් ප්‍රායෝගික ප්‍රතිලාභ ලබන බවයි. තායිලන්තය සහ චීනය අතර මිත්‍රත්වය ගැඹුරින් සංවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින බව Sirindhorn කුමරිය සඳහන් කළාය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *