චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi මහතා පාකිස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Muhammad Ishaq Dar මහතා සමඟ ඊයේ(10) දුරකථන සංවාදයක නිරත විය.
Dar මහතා පාකිස්ථාන-ඉන්දියානු ගැටුමේ වත්මන් තත්ත්වය පිළිබඳව එහි දී පැහැදිලි කළේය. සටන් විරාමයක් ඇති කර ගැනීමට සහ සටන් අවසන් කිරීමට චීනය සිදු කරන ලද මැදිහත්වීම්වලට ඔහු ස්තූතිය පළ කළේය.
පාකිස්ථානයේ ජාතික ස්වෛරීභාවය සහ ජාතික අභිමානය ආරක්ෂා කිරීම සඳහා චීනය අඛණ්ඩ සහාය ලබා දෙන බව Wang Yi මහතා පැවසීය. පාකිස්ථානය වත්මන් තත්ත්වයට සන්සුන්ව ප්‍රතිචාර දක්වනු ඇති බවත්, එරට මූලික හා දිගුකාලීන අවශ්‍යතාවලට අනුකූලව තීරණ ගනු ඇතැයි චීනය විශ්වාස කරන බවත් ඔහු පැවසීය. සටන් විරාමයක් ස්ථාපිත කළ පසු, තවදුරටත් ගැටුම් වළක්වා ගැනීම සඳහා සියලු දෙනා එයට අනුගත විය යුතු බව ඔහු අවාධාරණය කළේය. ඒ සඳහා ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Wang Yi මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ සමඟම, Wang Yi මහතා ඊයේ(10) ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක Ajit Kumar Doval මහතා සමඟ ද දුරකථන සංවාදයක නිරත විය.
යුද්ධය ඉන්දියාවේ තේරීමක් නොවන බවත් එය කිසිදු පාර්ශ්වයක අවශ්‍යතා මත ආරම්භ නොවූ බවත් Doval මහතා පැවසීය.
ඉන්දියාව සහ පාකිස්ථානය වෙන් කළ නොහැකි අසල්වැසියන් බව Wang Yi මහතා එහිදී කීය. දෙරටම චීනයේ අසල්වැසියන් වන අතර යුද්ධය තම තේරීමක් නොවන බවට ඉන්දියාව කළ ප්‍රකාශය චීනය අගය කරයි. එමෙන්ම, ඉන්දියාව සහ පාකිස්ථානය සාකච්ඡා මාර්ගයෙන් පුළුල් හා කල් පවතින සටන් විරාමයක් අත්කර ගනු ඇතැයි චීනය අපේක්ෂා කරන අතර ඊට චීනයේ සහාය ලබා දෙන බව ද ඔහු පැවසීය.