චීන විදේශ ඇමති ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් හමුවෙයි

චීන විදේශ ඇමති ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් හමුවෙයි

චීන විදේශ ඇමති Wang Yi මහතා සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ Rafael Mariano Grossi මහතා අතර හමුවක් (11) බෙයිජිං හි දී පැවැත්විණ.

එහි දී Wang Yi මහතා සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ පද්ධතියේ වැදගත් සාමාජිකයෙකු ලෙස, ජාත්‍යන්තර සබඳතා පාලනයට අදාළ මූලික සම්මතයන් ආරක්ෂා කිරීම, න්‍යෂ්ටික ශක්තිය සාමකාමීව භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීම සහ න්‍යෂ්ටික ව්‍යාප්තිය වැළැක්වීම යන වැදගත් මෙහෙවරට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ප්‍රධාන දායකත්වය ලබා දෙන බවයි.

ඉරාන න්‍යෂ්ටික ගැටලුව, ඇමරිකා-බ්‍රිතාන්‍ය-ඔස්ට්‍රේලියා න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගතාවය සහ ෆුකුෂිමා න්‍යෂ්ටික දූෂිත ජලය සාගරයට බැහැර කිරීම වැනි ගැටලු නිසි ලෙස හැසිරවීමේ දී ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අපක්ෂපාතීත්වය, මධ්‍යස්ථභාවය සහ වෘත්තීයභාවය අඛණ්ඩව පවත්වා ගනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව Wang Yi මහතා පැවසීය.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය, චීනය සමග සහයෝගතාවයට වැදගත්කමක් ලබා දෙන බවත් න්‍යෂ්ටික බලශක්තිය සාමකාමීව භාවිත කිරීමේ දී චීනයේ ජයග්‍රහණ අගය කරන බවත් Rafael Grossi මහතා සඳහන් කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *