චීන විදේශ අමාත්‍ය වං යී මහතා සහ ඇමරිකා රාජ්‍ය ලේකම් Marco Rubio මහතා දුරකථන සංවාදයක නිරත වෙති.
චීනය සහ ඇමරිකාව යන ‘යෝධ නෞකා දෙක’ එක්ව යාත්‍රා කළ යුත්තේ දෙරටේ නායකයින්ගේ උපායමාර්ගික මග පෙන්වීම සහ එකඟතාවන් අනුගමනය කරමින් බව ඊයේ (10) පැවති එම දුරකථන සංවාදයේදී වං යී මහතා පැවසීය. මෑතකදී ඇමරිකාව සිදු කළ ඍණාත්මක ප්‍රකාශයන් හා ක්‍රියාවන‍්ගෙන් චීනයේ අයිතිවාසිකම්වලට හානි සිදුව ඇති අතර, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට එය මැදිහත් වීමක් බව ද වං යී මහතා පෙන්වා දුන්නේය. චීනය ඊට තරයේ විරුද්ධ වන බවත්, විශේෂයෙන්ම චීනයේ තායිවාන ප්‍රදේශයට අදාල රටේ මූලික කරුණු පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් ඇමරිකාව ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
දෙවන ලෝක යුධ සමයේදී චීනය සහ ඇමරිකාව උරෙන් උර ගැටී සටන් කර තිබේ. නව යුගයේදී ද, ලෝක සාමය සහ සමෘද්ධිය සඳහා දෙරට ද සහයෝගයෙන් කටයුතු කරමින් විශාල රටවල වගකීම්වලට උර දිය යුතු බව වං යී මහතා පැවසීය.
මෙවර සංවාදය කාලෝචිත සහ ඵලදායී යැයි දෙපාර්ශ්වය එහිදී පවසා ඇත. චීන-ඇමරිකා සබඳතාවේදී රාජ්‍ය නායකයින්ගේ උපායමාර්ගික මග පෙන්වීම තවදුරටත් උපයෝගී කර ගෙන, මතභේද නිසි ලෙස පාලනය කරමින්, ප්‍රායෝගික සහයෝගීතාව තුළින් දෙරටේ සබඳතාවේ ස්ථාවර සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතු බව දෙපාර්ශ්වය එහිදී අවධාරණය කළහ.
