චීන විදේශ අමාත්‍යවරයා කැනඩාවේ විදේශ අමාත්‍යවරිය හමු වේ

චීන විදේශ අමාත්‍යවරයා කැනඩාවේ විදේශ අමාත්‍යවරිය හමු වේ

චීන විදේශ අමාත්‍ය වං යී මහතා කැනඩාවේ විදේශ අමාත්‍ය Anita Anand මහත්මිය හමු‍ වේ. එය අද (15) බෙයිජිංහිදී සිදු විය.

දෙරටේ නායකයින් හමු වීමට නියමිත අතර, එය ‍ද්විපාර්ශ්වික සබඳතාවට නවඅපේක්ෂාවන් විවෘත කරනු ඇති බව වං යී මහතා ප්‍රකාශ කළේය. නව තත්ත්වයන් යටතේ ද්විපාර්ශ්වික සබඳතාවේ ස්ථාවර, ශක්තිමත් සහ ධනාත්මක සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා, චීනය කැනඩාව සමග සහයෝගීතාව ගැඹුරු කිරීමට කැමැත්තෙන් සිටී. දෙරට එකිනෙකා තාර්කිකව, මිත්‍රශීලීව සහ අනතර්කරණයෙන් යුතුව සැලකිය යුතු බවත්, සහයෝගීතාවෙන් ධනාත්මක පණිවිඩ නිකුත් කරමින් චීන-කැනඩා නව උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඒකාබද්ධව ගොඩනගා ගත යුතු බවත් වං යී මහතා එහිදී පෙන්වා දුන්නේය.

කැනඩා නව රජය චීනය සමග සබඳතාව ඉතා වැදගත් කොට සලකන බව Anita Anand මහත්මිය හමුවේදී  ප්‍රකාශ කළාය. මෙවර සංචාරයේදී චීන නායකයා සමග ගැඹුරු හුවමාරුවෙන් ද්විපාර්ශ්වික සබඳතාව සංවර්ධනය කිරීමේ දිශාව පැහැදිලි කෙරෙනු ඇතැයි කැනඩා අගමැතිවරයා අපේක්ෂා කරන බව ඇය සඳහන් කළේය. දෙරට අතර උපායමාර්ගික හවුල්කාරිත්වය ඉන් තවදුරටත් ප්‍රවර්ධනය කෙරෙනු ඇතැයි ද කැනඩාවේ විදේශ අමාත්‍යවරිය විශ්වාසය පළ කළාය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *