චීන විදුලි වාහන සම්බන්ධ ඇමරිකානු මතය පදනම් විරහිත බව චීන විදේශ අමාත්‍යංශය පවසයි

චීන විදුලි වාහන සම්බන්ධ ඇමරිකානු මතය පදනම් විරහිත බව චීන විදේශ අමාත්‍යංශය පවසයි

ඇමරිකාව  චීන විදුලි වාහන නිෂ්පාදිතයන්ට වෙනස් ලෙස සැලකීම ක්‍රියාත්මක කිරීම පිළිබඳව චීනය ප්‍රතිචාර දක්වයි.

රජයේ දීමනා විශාල ප්‍රමාණයක් ලබා ගෙන‍ චීන විදුලි වාහන නිෂ්පාදිත, ඇමරිකානු වෙළඳපොලට වේගවත්ව විශාල වශයෙන් ගලාවිත් ඇතැයි ද, මේ පිළිබඳව නොසැලකිල්ලෙන් සිටීමට නොහැකි යැයි ද ඇමරිකානු ජනාධිපතිවරයා පසුගියදා පැවසූ බව වාර්තා වේ. මේ පිළිබඳ චීනයේ ප්‍රතිචාරය කෙසේ ද යන්න (6) බෙයිජිංහි පැවති චීන විදේශ අමාත්‍යංශ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය.

විදුලි වාහන ඇතුළු චීනයේ නව බලශක්ති නිෂ්පාදිතයන් ජගත් වෙළඳපොලේ ජනප්‍රියත්වය දිනා ගැනීම, අඛණ්ඩ නවෝත්පාදන ශක්‍යතාව සහ පරිපූර්ණ නිෂ්පාදන හා සැපයුම් දාමය සහිතව, පූර්ණ තරගකාරිත්වයන් ජය ගෙන වෙළඳපොල රෙගුලාසිවලට අනුගතව බිහි වූ ප්‍රතිඵලයක් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පැවසුවාය. එම ජයග්‍රහණය දිනා ඇත්තේ චීන ව්‍යවසායන්හී උත්සාහය නිසා මිස, රජයේ දීමනාව නිසා නොවේ.තවත් කරුණක් නම්, පසුගිය වසරේ චීනයෙන් ඇමරිකාවට අපනයනය කෙරුණු විදුලි වාහන ප්‍රමාණය 13 දහසක් පමණය. චීන විදුලි වාහන නිෂ්පාදිත, ඇමරිකානු වෙළඳපොලට වේගවත්ව ගලා ඒමේ කියමනට කිසිදු හේතුවක් නොමැති බව ද ඇය ප්‍රකාශ කළාය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *