චීන මාධ්‍ය සමූහය පවත්වන වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ ගෝලීය ප්‍රචාරක ක්‍රියාකාරම පසුගිය 16වැනිදා ඇමරිකාවේ නිව්යෝර්ක් හිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි සහ චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එම ක්‍රියාකාරකමට වීඩියෝ ආකාරයෙන් එක් වෙමින් දේශනයක් පැවැත්වීය.
චීන මාධ්‍ය සමූහය විසින් අඛණ්ඩව වසර 42 ක් පුරා පවත්වන ලද වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය, මේ වන විට ලොව වැඩිම පිරිසක් නැරඹූ අලුත් අවුරුද්ද පිළිගැනීමේ සංස්කෘතික හා කලාත්මක රූපවාහිනී වැඩසටහන බවට පත්ව ඇතැයි Shen Haixiong මහතා එහිදී පැවසීය. මෙම නිර්මාණශීලිත්ව වැඩසටහන හරහා, තම උපන්ගමෙන් බොහෝ දුරින් සිටින චීන ජාතිකයන්ට පවුලේ උණුසුම අත්විඳිය හැකි යැයි අපේක්ෂා කරයි. එසේම මෙම දැකුම්කළු චීන සංස්කෘතික මංගල්‍යය ජාත්‍යන්තර මිතුරන්ට බෙදා ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කළේය.
නිව්යෝර්ක් හි චීන කොන්සල් ජනරාල් Chen Li මහතා, ඩෙන්මාර්කය, ග්‍රීසිය, පාකිස්ථානය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නිකරගුවාව, කියුබාව, මාලදිවයින යනාදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් රැසක තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු නියෝජිතයෝ 200 කට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.