චීන වසන්ත උත්සවය යුනෙස්කෝ සංවිධානයේ ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම ලැයිස්තුවට

චීන වසන්ත උත්සවය යුනෙස්කෝ සංවිධානයේ ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම ලැයිස්තුවට

චීන වසන්ත උත්සවය යුනෙස්කෝ සංවිධානයේ ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් කෙරේ. පැරගුවේ හි පැවැත්වෙන ද්‍රව්‍යාත්මක නොව සංස්කෘතික උරුම ආරක්ෂා කිරීම පිළිබඳ අන්තර් ආණ්ඩු කමිටුවේ 19 වන සැසිවාරයේ දී මෙම තීරණය ගැනිණ. වසන්ත උත්සවය හා බැඳුනු පුළුල් චාරිත්‍ර වාරිත්‍ර  සමස්ත චීන සමාජයම සම්බන්ධ වන අද්විතීය සංස්කෘතික අංගයන් ලෙසට කමිටුව විසින් පිළිගෙන තිබේ. 

වසන්ත උත්සවයෙන් චීන සාම්ප්‍රදායික චන්ද්‍ර මාස නව වසරේ උදාව සනිටුහන් කෙරේ. සමාජ භාවිතයන් ද ඇතුළත් වන එයට වාසනාව හා පවුල යළි එකතුවීමේ ප්‍රාර්ථනාවන් ද අන්තර්ගත‍ වෙයි. වසන්ත උත්සවයේ දී වැඩිහි‍ටි පුද්ගලයන් වෙනුවෙන් සහ ප්‍රජාවන් විසින් සංවිධාන කෙරෙන  විවිධ පොදු ක්‍රියාකාරකම් ද යුනෙස්කෝ සංවිධානයේ විශේෂ අවධානයට ලක්ව ඇත.මානවයා හා සමාජය අතර සුසංගතභාව‍ය මෙම උත්සවය තුළින් උද්දීපනය වීම ද එම අන්තර් ආණ්ඩු කමිටුව විශේෂයෙන් පෙන්වා දී තිබේ. එය ආහාර ආරක්ෂාව හා අධ්‍යාපනය වැනි අංශවල යහපත් සංවර්ධනයට ද දායකවන්නකි. පරිසරය පිළිබඳ පවතින අවධානය ඉහළ නැංවීමට ද එමගින් ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කෙරෙන බව යුනෙස්කෝ සංවිධානයේ අදහසයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *