චීන විදේශ ඇමතිවරයා, ඊයේ(13) බෙයිජිං හි පැවති චීන – ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍ය සංසදයේ (CELAC) සිව්වැනි අමාත්‍ය මට්ටමේ සමුළුවට එක්ව සිටි කොලොම්බියා හා හොන්ඩියුරාස් විදේශ ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීය. සමුළුවෙන් අනතුරුව එය පැවැත්විණ.
එම සමුළුවේදී බෙයිජිං ප්‍රකාශනය හා චීන-CELAC රාජ්‍යයන් අතර වැදගත් ක්ෂේත්‍රවල සහයෝගතා පිළිබඳ ඒකාබද්ධ ක්‍රියා සැලැස්ම(2025-2027) සම්මත කෙරුණු අතර, ඉදිරි වසර තුන සඳහා දෙපාර්ශ්වය ඇති කර ගත් සහයෝගීතා ව්‍යාපෘති සංඛ්‍යාව 100 ඉක්මවන බව චීන විදේශ ඇමති වං යී මහතා එහිදී පැවසීය. ලතින් ඇමරිකානු හා කැරිබියානු සංවර්ධනය සඳහා වැදගත් වන පියවර 20ක් ද චීනය විසින් ප්‍රකාශයට පත් කරන ලදි.
ගෙවී ගිය වසර 10 තුළ චීන – ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍ය සංසදය ඵලදායී ප්‍රතිඵල ලබා ගෙන තිබේ. චීන – ලතින් ඇමරිකානු සහ කැරිබියානු සංවර්ධනය ශක්තිමත් වී ඇති අතර සාමූහික අනාගතයකින් යුත් චීන-ලතින් ඇමරිකානු හා කැරිබියානු සබඳතා ගොඩනැගීම අඛණ්ඩව ප්‍රවර්ධනය වෙමින් පවතී. නූතන සංවර්ධන ප්‍රවණතාවට ගැළපෙන ලෙස චීන-ලතින් ඇමරිකානු හා කැරිබියානු එකමුතුවෙන් සහයෝගීතා ශක්තිමත් කිරීමෙන් සුන්දර අනාගතයක් නිර්මාණය කළ හැකි බව වං යී මහතා එහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම සමගිය, සංවර්ධනය, ශිෂ්ටාචාරය, සාමය, ජන හදවත් යන පස්වැදෑරුම් සහයෝගීතා ක්‍රියාවලියක් ආරම්භ කරන බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය. එමගින් සාමූහික අනාගතයකින් යුත් චීන-ලතින් ඇමරිකානු හා කැරිබියානු සබඳතා ගොඩනැගීමේ දිශාව පැහැදිලි වනු ඇත. දේශපාලන පදනම තහවුරු කිරීම, පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම, ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය අධ්‍යයනය පුළුල් කිරීම, කලාපීය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම හා ජනතාවගේ මිත්‍රත්වය වර්ධනය කිරීම එම ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ බව ද චීන විදේශ ඇමතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.