චීන-රුසියා “2025 නාවික ඒකාබද්ධ යුද අභ්‍යාසය”ට අදාළ සමුද්‍රීය අභ්‍යාස අදියර පූර්ණ ලෙස ඇරඹේ 

චීන-රුසියා “2025 නාවික ඒකාබද්ධ යුද අභ්‍යාසය”ට අදාළ සමුද්‍රීය අභ්‍යාස අදියර පූර්ණ ලෙස ඇරඹේ 

චීන-රුසියා “2025 නාවික ඒකාබද්ධ යුද අභ්‍යාසය”සඳහා එක්වූ දෙරටේ නෞකා කණ්ඩායම් රුසියාවේ Vladivostok වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේ විවිධ යුද අභ්‍යාස පවත්වයි. එයින් එම ඒකාබද්ධ යුද අභ්‍යාසයේ සමුද්‍රීය අභ්‍යාස අදියර පූර්ණ ලෙස ආරම්භ කිරීම සනිටුහන් කෙරිණ. 

අදාළ යුද අභ්‍යාසයේ සැලස්මට අනුව, චීන-රුසියා නෞකා කණ්ඩායම් තුන් දින සමුද්‍රීය අභ්‍යාස පැවැත්වීමට නියමිතය. සබ්මැරීන් ගලවා ගැනීම, ඒකාබද්ධ සබ්මැරීන් නාශක, ගුවන් ආරක්ෂණ සහ මිසයිල නාශක, මුහුදු යුද මෙහෙයුම් යන වැඩසටහන් රැසක් මෙන්ම සැබෑ අවි පුහුණුව එහිදී ක්‍රියාත්මක කරනු ඇත. එයින් යුද අභ්‍යාසයේ පූර්ව අවධියේ දී ඒකාබද්ධ සැලසුම් සකස් කිරීම හා සාකච්ඡාවලින් ලද ප්‍රතිඵල පරීක්ෂා කෙරේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *