චීන මාධ්‍ය සමූහය සහ චීන ජාතික චිත්‍රපට පරිපාලනය එක්ව චීන-රුසියානු සම නිෂ්පාදනයක් වන “රෙඩ් සිල්ක්” (Red Silk) සිනමා පටය සඳහා ප්‍රවර්ධන උත්සවයක් මොස්කව් හිදී පැවැත්වීමට සැලසුම් කෙරේ.
මෙම චිත්‍රපට ප්‍රවර්ධන උත්සවය සෝවියට් සංගමයේ රට ආරක්ෂා කිරීමට යුද්ධයේ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සැමරීමට ආසන්නයේ දී පවත්වනු ඇත. ඒ අතරම, මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී, චීන ජනතාව ජපන් ආක්‍රමණයට එරෙහි යුද්ධය මෙන්ම ලෝකවාසීන් ෆැසිස්ට්වාදී විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය සැමරීමට නියමිතය. එම කාලයේදී මෙම චිත්‍රපටය චීනයේ තිරගත කිරීමට සැලසුම් කෙරේ.
චීනය සහ රුසියාව අතර චිත්‍රපට ක්ෂේත්රයේ නවතම සහයෝගීතා ප්‍රතිඵලයක් ලෙස, දෙරට සම නිෂ්පාදනය කරන ලද “රෙඩ් සිල්ක්” චිත්‍රපටය මෙම වසරේ පෙබරවාරි මස 20වැනිදා රුසියාවේ දී තිරගත කෙරිණ. චිත්‍රපටය සැබෑ ඓතිහාසික සිදුවීම් පාදක කොට නිර්මාණය කර ඇති අතර, 1927 වසරේදී චීනයේ සහ සෝවියට් සංගමයේ විප්ලවවාදීන් උරෙනුර ගැටී සටන් කර වැදගත් රහස් ලේඛන සාර්ථකව සහ ආරක්ෂිතව රැගෙන යාම පිළිබඳ තේමාවෙන් යුක්ත වේ.