චීන-රුසියා රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 75 වැනි සංවත්සර වෙනුවෙන් විශේෂ මානව හුවමාරු ක්‍රියාකාරකමක්

චීන-රුසියා රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 75 වැනි සංවත්සර වෙනුවෙන් විශේෂ මානව හුවමාරු ක්‍රියාකාරකමක්

චීනය හා රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ මානව හුවමාරු ක්‍රියාකරකමක් පැවැත්වෙයි. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියාවේ Kazan නගරයට ගොස් බ්‍රික්ස් රාජ්‍ය නායකයින්ගේ 16 වන සමුළුවට සහභාගී වීම නිමිත්තෙන් එම ක්‍රියාකාරකම ඊයේ(22) Kazan හිදී පැවැත්විණ. මෙය, චීන මාධ්‍ය සමූහය හා රුසියාවේ ජාතික රූපවාහිනී හා ගුවන් විදුලි සංස්ථාව ඒකාබද්ධ ව සංවිධාන කර ඇත.

චීනයේ Liangzhu සංස්කෘතිය හා ශිෂ්ටාචාරය තේමා කර ගත් 2024 ගෝලීය ප්‍ර‍දර්ශනයේ වි‍ශේෂ ප්‍රදර්ශන වාරය රුසියාවේ දී ඇරඹීම, චීන මාධ්‍ය සමූහය හා රුසියාවේ ආයතන රැසක් අතර සහයෝගීතාවලට එළඹීම මෙන්ම  ‘Encountering China’ ඇතුළු දෙරට මාධ්‍ය ආයතන ඒකාබද්ධ ව නිෂ්පාදනය කරනු ලැබූ වැඩසටහන් රුසියාවේ විකාශය කිරීමේ අවස්ථාවන්ට එහි සිටි ආරාධිත අමුත්තෝ එක්ව සිටියහ.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එහිදී සඳහන් කළේ චීන ජාතික ගුවන් විදුලි හා රූපවාහිනී සේවාවක් ලෙසට චීන මාධ්‍ය සමූහය චීන-රුසියා පාරම්පාරික මිතුදම හා ජනතාව අතර සමීපත්වය තහවුරු කිරීමට කැප වී සිටින බවයි. මෑත වසරවලදී, චීන මාධ්‍ය සමූහය රුසියාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් රැසක් සමග සහයෝගීතා තහවුරු කරමින් ජගත් මාධ්‍ය ප්‍රජාව තුළ වඩාත් සාධාරණ හා යුක්ති සහගත හඬක් වෙනුවෙන් පෙනී සිටීමට කටයුතු කළ බව ද හෙතෙම එහිදී සඳහන් කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *