අන්‍යෝන්‍ය ගෞරවය සහ ලෝක වෙළඳ සංවිධානයේ නීති රාමුව තුළ චීනය සහ යුරෝපා සංගමය අතර විදුලි වාහන නඩුව නිසි ලෙස විසඳීම සැලකිය යුතු ධනාත්මක වැදගත්කමක් ඇති බව චීන වාණිජ අමාත්‍යංශය ප්‍රකාශ කරයි. වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා He Yongqian මහත්මිය මෙසේ ප්‍රකාශ කළේ අද(15) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදාල ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
චීනය සහ යුරෝපා සංගමය එක්ව ජාත්‍යන්තර වෙළඳ පිළිවෙල ආරක්ෂා කිරීමට සහ ගෝලීය ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.
