චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(31) ටියැන්ජින් හිදී, බෙලරුසියානු ජනාධිපති Alexander Lukashenko මහතා හමු වෙයි. 2025 ෂංහයි සහයෝගිතා සංවිධානයේ නායක සමුළුවට මෙන්ම ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරයට එක්වීම සඳහා Alexander Lukashenko මහතා පැමිණ සිටී.
චීන මෙන්ම බෙලරුසියානු ජනතාව ද මිලිටරිවාදය සහ ෆැසිස්ට්වාදය පරාජය කිරීම සඳහා වැදගත් ඓතිහාසික දායකත්වය ලබා දුන් බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය. චීන-බෙලරුසියානු අංග සම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ඉහළ මට්ටමකින් සංවර්ධනය වෙමින් පවතී. එකිනෙකාගේ කේන්ද්‍රීය ජයග්‍රහණ හා අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු කෙරෙහි දෙරට අන්‍යෝන්‍ය වශයෙන් අනුබල දිය යුතු බව ෂී ජින් පිං මහතා එහි දී පැවසීය. ෂංහයි සහයෝගිතා සංවිධානය හා බ්‍රික්ස් සංවිධානය යන බහුපාර්ශ්වික යාන්ත්‍රණ දෙරට සමීපව සම්බන්ධීකරණය කරමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කළ යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය.
ජගත් හා ප්‍රාදේශීය කටයුතුවලදී සාධාරණ ස්ථාවරත්වයේ සිටින චීනය බහුපාර්ශ්විකවාදය අනුගමනය කර යුක්තිය සහතික කරමින් සිටින බව බෙලරුසියානු ජනාධිපති Alexander Lukashenko මහතා එහිදී පැවසීය. ෂංහයි සහයෝගිතා සංවිධානය යන බහුපාර්ශ්වික යාන්ත්‍රණවල දී චීනයේ ප්‍රධානත්වයෙන් යුරෝපා-ආසියානු මහ ගොඩබිමටත් ලෝක සාමය හා ස්ථාවරත්වයටත් වැදගත් දායකත්වයක් ලබා දුන් බව හෙතෙම සඳහන් කළේය. චීනය සමග රාජ්‍ය පාලන අත්දැකීම් සහ අදහස් හුවමාරු කිරීම තහවුරු කළ හෙතෙම ඒ ඒ ක්ෂේත්රවල ප්‍රායෝගික සහයෝගිතා ගැඹුරු කර දෙරටේ සබඳතාවට වඩා වැඩි සංවර්ධනයක් දිනා ගැනීමට බෙලරුසියාව අපේක්ෂා කරන බවද පැවසීය.
