චීන මාධ්‍ය සමූහය හා Shandong විශ්වවිද්‍යාලය අතර සහයෝගිතා රාමුව යටතේ ඊට අදාළ ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය අද(25) Shandong පළාතේ Qufu නගරයේ දී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා, සහ Shandong විශ්වවිද්‍යාලයේ පක්ෂ කමිටුවේ ලේකම් Ren Youqun මහතා ඊට එක් වූහ.
ගිවිසුමට අනුව, දෙපාර්ශ්වයම විශේෂිත විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘතියක් එක්ව ස්ථාපිත කරමින්, අතිශය පැහැදිලි, ජංගම සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන් පිළිබඳ ආධාරක පර්යේෂණ සිදු කරනු ඇත. එසේම සමාජ විද්‍යාව හා මානව ශාස්ත්‍රය යන ක්ෂේත්‍රයන් හි සහයෝගිතා ව්‍යාපෘති මාලාවක් දියත් කරනු ඇත.
එපමණක් නොව, ඉහළ මට්ටමේ විශේෂඥ දැනුමින් යුත් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සහ වෘත්තීය නිපුණතා පුහුණු කිරීම යන ක්ෂේත්‍රයන් හි, දෙපාර්ශ්වය අතර සහයෝගීතා සිදු කිරීමෙන්, චීන නිල මාධ්‍ය නාලිකා සහ විශ්වවිද්‍යාල අතර සහයෝගීතාවයේ නව මිණුම් දණ්ඩක් නිර්මාණය කරනු ඇත.