

චීන මාධ්‍ය සමූහය, ශ්‍රී ලංකාවේ ස්වාධීන රූපවාහිනී සේවය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි. චීන මාධ්‍ය සමූහයේ අධ්යක්ෂ ජනරාල් ශෙන් හයි ශියොං මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ඊයේ (26) බෙයිජිං අගනුවර දී ඊට අත්සන් තැබූහ. චීන අග්‍රාමාත්‍ය ලි ච්‍යං මහතා සහ චීනයේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද එම අවස්ථාවට එක් වූහ.
එම අවබෝධතා ගිවිසුම යටතේ දෙපාර්ශ්වය ස්ථාවර සහයෝගිතා යාන්ත්‍රණයක් ස්ථාපිත කරමින් පුළුල් ලෙස මාධ්‍ය සබඳතා පවත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.