එළඹෙන 2026 වසන්ත උත්සවය වෙනුවෙන් පැවැත්වෙන රාත්‍රී ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ.
චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවය සඳහා චීන මාධ්‍ය සමූහය රාත්‍රී ප්‍රසංගයක් සංවිධාන කිරීම සිරිතකි. වසර 2026යේ එම ප්‍රසංගය පැවැත්වීමට පෙර දින 30ක අවරෝහණ ගණන් කිරීම ආරම්භ කරමින් එහි පළමු පෙරහුරුව අද(17) දිනයේ පැවැත්විණ.
වැඩසටහන් විවිධාංගීකරණය, නව තාක්ෂණ භාවිතයන් සහ නිර්මාණශීලි වේදිකා සැලසුම් මෙවර වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ විශේෂත්වයකි.
