ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය අනුගමනය කරමින් චීන මාදිලියේ නවීකරණයෙන් ගුයිචෞ පළාතේ නව ස්වරූපය නිර්මාණය විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජීන් පිං මහතා 17, 18 දෙදින ගුයිචෞ පළාතේ නිරීක්ෂණයකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව නිකුත් කළ ‘බටහිර ප්‍රදේශයේ මහා පරිමාණ සංවර්ධනය’ හා ‘යැංසි ගඟා ආර්ථික තීරයේ සංවර්ධනය පිළිබඳ උපාය මාර්ගය’, ගුයිචෞ පළාත ගැඹුරින් ක්‍රියාත්මක කළ යුතු ය. අංග සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය තහවුරු කර ගෙන චීන මාදිලියේ නවීකරණය ගොඩනැගීමේදී ගුයිචෞ පළාතේ නව ස්වරූපය නිර්මාණය කළ යුතු බවද චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
(17) පස්වරුවේ හෙතෙම ගුයිචෞ පළාතේ ලිපිං කෝරළයේ ෂාඕසිං හි ඩොං ජාතික ගම්මානය නිරීක්ෂණ කළේය. සුළු ජාතීන්ගේ සංස්කෘතිය චීන ජාතික සංස්කෘතියෙන් වෙන් විය නොහැකි කොටසකි.ගම්මාන, ජන නිවාස හා ප්‍රාදේශීය ලක්ෂණයන් සහිත ගොඩනැගිලි යන නිශ්චල දේපළ සුරක්ෂිත කරමින් අස්පෘෂ සංස්කෘතිය උරුම කර ගැනීම පමණක් නොව, සංස්කෘතියේ නිර්මාණශීලි පරිවර්තනය හා නවෝත්පාදන සංවර්ධනය ද ප්‍රවර්ධනය කළ යුතු ය. ජන වාර්ගික ලක්ෂණයන් ප්‍රයෝජනයට ගැනීමේදී නව අලංකාරය අඛණ්ඩව මතුවීම අපේක්ෂා කරන බවද ෂී ජින් පිං මහතා සඳහන් කළේය.
(18) පෙරවරුවේ ෂී ජින්පිං ජනාධිපතිවරයා ගුයිචෞ පළාත් පක්ෂ කමිටුව සහ පළාත් රජයේ කාර්ය වාර්තාවට සවන් දුන්නේය.
ගුයිචෞ පළාත සිය සැබෑ ආර්ථිකය මූලික කර ගෙන නවෝත්පාදනයේ ගාමක බලය ශක්තිමත් කරමින් සාම්ප්‍රදායික කර්මාන්තවල පරිවර්තනය සහ වැඩිදියුණු කිරීම කඩිනම් කළ යුතු යැයි ඔහු එහිදී පෙන්වා දුන්නේය. උපායමාර්ගික වැදගත්කමෙන් යුත් නැගී එන කර්මාන්ත ක්‍රියාකාරීව සංවර්ධනය කරමින්, ඩිජිටල් ආර්ථිකය, නව බලශක්තිය ඇතුළු කර්මාන්ත ප්‍රශස්ත කිරීමට පියවර ගත යුතුය. ඒ සමගම පරිසර ආරක්ෂාවට අවධානය යොමු කර පාරිසරික වාසි සංවර්ධන වාසි බවට පරිවර්තනය කිරීමට උත්සාහ කළ යුතුය.
ගුයිචෞ පළාත රටේ ඒකාබද්ධ වෙළඳපොළේ සංවර්ධනයට සක්‍රීයව සම්බන්ධ විය යුතු බවත්, ව්‍යාපාර ආරම්භ කිරීම සහ නවෝත්පාදනය සඳහා සමස්ත සමාජය තුළ ස්ථාවර, සාධාරණ, විනිවිද සහ පුරෝකථනය කළ හැකි පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.
ගුයිචෞ පළාත, සිය යථා තත්ත්වයට අනුව ‘කෝරළ’ ඒකකවල නාගරීකරණ සංවර්ධනය ඉදිරියට ගෙන යමින් කර්මාන්ත සංවර්ධනය, කෝරළ සමෘද්ධිමත් කිරීම සහ ජනතාවගේ ආදායම් වර්ධනය කිරීම යන ඉලක්ක තුන, ඒකීය සංවර්ධන ඉලක්කයක් ලෙස සැලකිය යුතු බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.
මේ අතර, නවීන කඳුකර ලක්ෂණ සහිත කාර්යක්ෂම කෘෂිකර්මාන්තය සංවර්ධනය කළ යුතුය. අඩු ආදායම්ලාභී ග්‍රාමීය නිවැසියන්ගේ මූලික ජීවිතය සහතික කිරීම සඳහා ඔවුන් පිළිබඳ ඒකාබද්ධ අධීක්ෂණ සහ ආධාර යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.