චීන මහජන විමුක්ති හමුදාව තායිවාන දූපත ආශ්‍රිත ව තවත් යුද අභ්‍යාසයක් පවත්වයි

චීන මහජන විමුක්ති හමුදාව තායිවාන දූපත ආශ්‍රිත ව තවත් යුද අභ්‍යාසයක් පවත්වයි

චීන මහජන විමුක්ති හමුදාව “Joint Sword-2024B” යුද අභ්‍යාසය තායිවාන දූපත ආශ්‍රිත ව පවත්වයි.

චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාපය අද(14) පාබල, නාවික, ගුවන් හමුදා හා රොකට් බලකා යන ආරක්ෂික කණ්ඩායම්වල සහභාගීත්වයෙන් විශේෂ යුද අභ්‍යාසයක් පවත්වා ඇත. චීන තායිවාන සමුද්‍ර සන්ධිය මෙන්ම තායිවාන දූපතට උතුරු, දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවල මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි. නෞකා හා ගුවන් යානා රැසක් විවිධ දිශාවලින් තායිවාන දූපත ආසන්නයට පැමිණ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සිදු කළ බව නැගෙනහිර යුද කලාපයේ මාධ්‍ය ප්‍රකාශක Li Xi මහතා පැවසීය.

ආරක්ෂක හමුදාවේ සටන් හැකියාව ඉන් පරීක්ෂා කිරීමට අපේක්ෂා කෙරේ. මෙය, තායිවාන බෙදුම්වාදීන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරන අතර, චීනයේ ස්වෛරීභාවය හා එක්සත්භාවය දැඩි ලෙස තහවුරු කෙරෙන අනිවාර්ය මෙහෙයුමක් බව ද හෙතෙම සඳහන් කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *