චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 4වැනි සැසිවාරය නිමාවට පත් වෙයි. එහි සමාප්ති සම්මේලනය අද(11) පෙරවරු 9ට බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයෝ එම අවස්ථාවට එක්වූහ.
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ ස්ථාවර කොමිසමේ කාරක වාර්තාව පිළිබඳ 14වැනි ජාතික කමිටුවේ සිව්වැනි සැසිවාරයේ තීරණය එහිදී සම්මත කෙරුණු අතර, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ තුන් වැනි සැසිවාරයේ සිට ඉදිරිපත් කෙරුණු යෝජනා විසඳීමේ කාරක වාර්තාව පිළිබඳ සිව්වැනි සැසිවාරයේ තීරණයද සම්මත විය. එහිදී සම්මත වූ තවත් වාර්තාවක් වන්නේ සිව්වැනි සැසිවාරයේ යෝජනා පිළිබඳ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ යෝජනා කමිටුවේ සමාලෝචන වාර්තාවයි. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ සිව්වැනි සැසිවාරයේ දේශපාලන යෝජනාව ද එම සමාප්ති සම්මේලනයේදී අනුමත කෙරිණ.
න්‍යාය පත්‍රයේ සියල්ල සම්පූර්ණ කිරීමෙන් අනතුරුව චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ සිව්වැනි සැසිවාරය නිල වශයෙන් නිමාවට පත් විය.
