චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ වාර්ෂික සැසිවාරය බෙයිජිංහිදී ඇරඹේ

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ වාර්ෂික සැසිවාරය බෙයිජිංහිදී ඇරඹේ

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ 4වැනි සැසිවාරය අද(04) සවස 3ට බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ආරම්භ විය. ෂී ජින්පිං මහතා ඇතුළු පක්ෂයේ හා රජයේ නායකයෝ එහි සමාරම්භක සමුළුවට එක් ව සිටියහ.

සමාරම්භක සමුළුව චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ 4වැනි සැසිවාරයේ න්‍යාය පත්‍රය අධීක්ෂණය කරමින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු එය සම්මත කළේය.

දින හතක් පුරා පැවැත්වෙන සැසිවාරය තුළ ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපන, පරිසර සම්පත් ඇතුළු ක්ෂේත්‍ර 34ක එහි ජාතික කමිටු සාමාජිකයන් 2078 දෙනෙක් ජාතික කමිටුවේ ස්ථාවර කොමිසම විසින් සිදු කරන ලද කාර්ය වාර්තාව හා පෙර ඉදිරිපත් වූ යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳ වාර්තාවට සවන් දී ඒ සම්බන්ධයෙන් අධීක්ෂණය කරමින් සාකච්ඡා කරනු ඇත. අනතුරුව ඔවුහු 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 4වැනි සැසිවාරය පැවැත්වෙන අවස්ථාවන්ට එක් වීම, රාජ්‍ය කාරක වාර්තාව ඇතුළු වාර්තාවන්ට සවන් දී ඒ පිළිබඳව සාකච්ඡා පැවැත්වීම, ‘15 වන පස් අවුරුදු සැලසුම් කෙටුම්පත’ සාකච්ඡා කිරීම ඇතුළු විවිධ කාර්යයන් සිදු කිරීමට ද නියමිතය.

ගෙවී ගිය වසර තුළ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුව දේශපාලන හා උපදේශන ක්‍රියාකාරකම් 98ක් පවත්වා ඇත. එහිදී ලැබුණු යෝජනා 5992ක් අතරින් 5061ක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කෙරිණ. ඉන් සියයට 99.9ක් නියමිත කාලයට පිළිතුරු ලබා දී තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *