චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ 3වැනි සැසිවාරයේ න්‍යාය පත්‍රය නිකුත් කෙරේ. අද(1) පැවති චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ ස්ථාවර කොමිසමේ 10 වැනි සැසියේ දී මෙම න්‍යාය පත්‍රය ප්‍රකාශයට පත් කර ඇත.
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ තුන් වැනි සැසිවාරය මාර්තු මස 4 වනදා බෙයිජිංහි දී ආරම්භ කිරීමට නියමිත බව එම සැසියේදී තීරණය කෙරිණ. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ ස්ථාවර කොමිසමේ කාර්ය වාර්තාව හා 14 වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරයෙන් අනතුරුව ලබා ගත් යෝජනා පිළිබඳ වාර්තාවට සවන් දීම සහ 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරයට එක්වෙමින් එහි ඉදිරිපත් කෙරෙන රාජ්‍ය කාර්ය වාර්තාව ඇතුළු වාර්තාවලට සවන් දී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිළිබඳව එම සැසිවාරයේ න්‍යාය පත්‍රයට ඇතුළත්ය.