චීන පුරාවස්තු සමූහයක් යළි මවුරටට භාරදෙමින් ඇමරිකාව සංස්කෘතික හුවමාරු තර කරයි

චීන පුරාවස්තු සමූහයක් යළි මව් රටට ලබාදීමට ඇමරිකාව පියවර ගනී.

ඒ අනුව පුරාවස්තු 38 ක් මැන්හැටන් දිස්ත්‍රික්කයේ නීතිපති කාර්යාලය විසින් චීන නිලධාරීන් වෙත ආපසු ලබා දී තිබේ.  නිව්යෝක් නුවර හි චීන කොන්සල් ජනරාල් කාර්යාලයේ පැවති මෙම උත්සවයට චීන සංස්කෘතික හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය Li Qun, නිව්යෝක් හි චීන කොන්සල් ජනරාල් Huang Ping සහ පුරාවස්තු ප්‍රවාහනය පිළිබඳ ප්‍රධානි Matthew Bogdanos යන මහත්වරු එක් ව සිටියහ.

මෙවර ආපසු ලබා දුන් පුරාවස්තු  38 න් බහුතරය චීනයේ ටිබෙට් බෞද්ධ කෞතුක වස්තු වේ. යුවාන්, මිං සහ චිං රාජවංශ දක්වා දිවෙන ඉතිහාසයක් හිමි එම කෞතුක භාණ්ඩ පොහොසත් විවිධත්වයක් සහ විශිෂ්ට අතීත ශිල්පීය හැකියාව පෙන්නුම් කරයි. ඊට ඇතුළත් දුර්ලභ ඇත්දත් කැටයම්, ලී මූර්ති සහ බිතුසිතුවම් කොටස් ඓතිහාසික, කලාත්මක හා විද්‍යාත්මක වටිනාකම් සහිත ඒවා වීම විශේෂත්වයකි. මෙම පුරාවස්තු ඉකුත් මාර්තු මාසයේ දී මැන්හැටන් දිස්ත්‍රික් නීතිපති කාර්යාලය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණ. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *