චීන-ප්‍රංශ ජනපතිවරු Hautes-Pyrenees ප්‍රාන්තයේ සාකච්ඡාවක් පවත්වති

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා Hautes-Pyrenees ප්‍රාන්තයේ සාකච්ඡාවක් පවත්වති. එම සාකච්ඡාව ඊයේ (7) සවස පැවැත්විණ.

ෂී ජින්පිං මහතා එහිදී පැවසුවේ, චීනය හා ප්‍රංශය නැගෙනහිර හා බටහිර ශිෂ්ටාචාර නියෝජනය කරන රටවල් දෙකක් බවයි. දැක්ම හා සමාජ ක්‍රමවේද අතින් වෙනස් වුවද ශිෂ්ටාචාර හුවමාරු දෙරට ම වැදගත් කොට සලකයි. සංවාද හා සහයෝගිතා ඔස්සේ ලෝක සාමය, සංවර්ධනය හා මානව ප්‍රගතිය වෙනුවෙන් ඉහළ දායකත්වයක් ලබා දිය හැකි බව ද චීන ජනාධිපතිවරයා එහිදී කියාසිටියේය. ප්‍රංශය හා යුරෝපය සමග එක්ව මානව හුවමාරු, ආර්ථික සහ වෙළඳ සහයෝගිතා මෙන්ම එක් එක් පාර්ශ්ව පිළිබඳ අවබෝධය තහවුරු කරමින් චීන-ප්‍රංශ හා චීන-යුරෝපා මිත්‍රත්වය සහතික කිරීමට චීනය සූදානම් බව ද හෙතෙම පැවසීය.

එම්මානුවෙල් මැක්‍රොන් මහතා එහිදී සඳහන් කළේ වත්මන් ‌ලෝකය අවිනිශ්චිතභාවයෙන් පිරී පවතින බවයි. එම තත්ත්වය යටතේ යුරෝපය චීනය සමග යහපැවැත්ම තහවුරු කරමින් ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික සහයෝගිතා සහතික කිරීම අතිශය වැදගත් ය. ෂී ජින්පිං මහතා සමග සමීප සම්බන්ධතාවක් පවත්වමින් යුරෝපා කලාපයේ සහ සමස්ත ගෝලීය සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් සාධනීය කාර්යභාරයක් ඉටු කරන බව ද ප්‍රංශ ජනාධිපතිවරයා පැවසීය.

සාකච්ඡාවෙන් අනතුරුව, එම්මානුවෙල් මැක්‍රොන් මහතා සහ එම ආර්යාව ෂී ජින්පිං මහතා සහ එම ආර්යාව වෙනුවෙන් සමුගැනීමේ උත්සවයක් ද එහිදී පැවැත්වූහ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *