චීන-ප්‍රංශ ජනපතිවරු ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක් වෙති

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා Élysée මාලිගයේදී සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක් වෙති.

තමා Emmanuel Macron ජනාධිපතිවරයා සමග සරුඵල සාකච්ඡාවක් පවත්වා ඇතැයි ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දී තිබේ. චීන ප්‍රංශ සම්බන්ධතාවයේ මහඟු ඉතිහාසය, සුවිශේෂ වටිනාකම හා  වැදගත් මෙහෙවරක් සතුව ඇති බව දෙදෙනාගේ ඒකමතික අදහස වී ඇතැයි ඔහු පැවසීය. ඉතිහාසයෙන් උරුම වූ මිත්‍රත්වය ප්‍රචලිත කර දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය ගොඩනැගීමේදී අනුගමනය කළ ජීවගුණය තවදුරටත් විදහා පාමින් ඊට යුගයේ නවීන අන්තර්ගතය එකතු කිරීමට දෙපාර්ශ්වය වෑයම් දැරිය යුතු බව ද ඔහු කීය. චීන ප්‍රංශ සම්බන්ධතාවයේ තවත් දශක හයක ගමනක් එක්ව ආරම්භ කරනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

මෙහිදී ෂී ජින්පිං ජනාධිපතිවරයා යෝජනාවලියක් ද ඉදිරිපත් කළේය.

ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයේ උපායමාර්ගික ස්ථාවරත්වය සහතික කරන අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගතා පුළුල් කිරීමට පියවර ගත යුතුය. මානව හා සංස්කෘතික හුවමාරු කඩිනම් කරමින් ගෝලීය සහයෝගතාව පිළිබඳ පොදු අදහස් වැඩියෙන් එක්රැස් කිරීමෙහි දෙරට නිරත විය යුතුය.

වත්මන් ලෝකයේ නොසන්සුන්තාවය හමුවේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටවල් දෙකක් ලෙසත් වගකීමෙන් ක්‍රියා කරන දැවැන්ත රටවල් දෙකක් ලෙසත්, ප්‍රංශය සමග එක්ව පැරිස් ඔලිම්පික් උළෙල ප්‍රයෝජනයට ගනිමින් එම උළෙල පැවැත්වීමේ කාලය තුළ සටන් විරාමයක් ගෝලීයව ක්‍රියාත්මක කිරීමට මුලපිරීමට අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.   

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *