චීන – නවසීලන්ත සබඳතා‍වේ ප්‍රශස්ත වර්ධනය අගය කළ යුතු ය – චීන ජනපති

චීන – නවසීලන්ත සබඳතා‍වේ ප්‍රශස්ත වර්ධනය අගය කළ යුතු ය – චීන ජනපති

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා නවසීලන්ත අගමැති Christopher Luxon මහතා හමුවෙයි. එම හමුව පේරු වේලාවෙන් 15වැනිදා ලීමා අගනුවරදී පැවැත්විණ. ෂී ජින් පිං මහතා එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුවට එක් වන අතරතුර එම හමුව සිදුවිණ.

මීට වසර 10කට පෙර තමන් නවසීලන්තයේ නිල සංචාරයේ නිරත වූ අවස්ථාවේදී චීන-නවසීලන්ත පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ස්ථාපිත කිරීම දෙරට තීරණය කළේ යැයි ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. එතැන් සිට දෙරට සබඳතාව ප්‍රශස්ත අයුරින් වර්ධනය වී දෙරට ජනතාවගේ යහපත තහවුරු කර තිබේ. එබැවින් එය අගය කළ යුතු ය. චීනයේ වීසා නිදහස් ප්‍රතිපත්තියට නවසීලන්තය ඇතුළත් කර තිබේ. නවසීලන්තය සමග එක්ව එක්සත් ජාතීන්ගේ සංවිධානය, එපෙක් සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වීය රාමුව මත සහයෝගිතා තහවුරු කරමින් ආසියානු ශාන්තිකර කලාපය සහ ලෝකයේ සාමය, ස්ථාවරත්වය පොදුවේ සුරැකීමට චීනය කැමැත්තෙන් පසු වන බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

චීනය විශිෂ්ට රටක් බව පැවසූ Christopher Luxon මහතා, තම රට නවසීලන්ත-චීන පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය අඛණ්ඩ ව සහතික කරන බව සඳහන් කළේය. නවසීලන්තය, එකම චීනය ප්‍රතිපත්තිය ස්ථිරව ම අනුගමනය කරයි. එසේ ම, චීනය සමග ඉහළ මට්ටමේ සම්බන්ධතා පවත්වා ආර්ථික, වෙළඳ, හරිත සංවර්ධනය සහ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම ඇතුළු විවිධ ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගිතා පූර්ණ වශයෙන් ප්‍රවර්ධනය කිරීමට සූදානම් බව ද හෙතෙම ප්‍රකාශ කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *