චීන තායිවාන ප්‍රදේශය පිළිබඳ ජපාන අගමැතිනියගේ වැරදි ප්‍රකාශ චීන-ජපන් සබඳතාවල දේශපාලන පදනමට දැඩි හානියක්–චීනය

චීන තායිවාන ප්‍රදේශය පිළිබඳ ජපාන අගමැතිනියගේ වැරදි ප්‍රකාශ චීන-ජපන් සබඳතාවල දේශපාලන පදනමට දැඩි හානියක්–චීනය

චීන තායිවාන ප්‍රදේශය පිළිබඳ ජපාන අගමැති Sanae Takaichi ගේ ප්‍රකාශ චීන-ජපාන සබඳතාවල දේශපාලන පදනමට මූලික වශයෙන් හානි කර ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එහි ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(17) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. තායිවානය පිළිබඳ Sanae Takaichi ගේ වැරදි ප්‍රකාශයන්ට චීනය දැක්වූ ප්‍රතිචාරය “දැඩි ප්‍රතික්‍රියාවක්” බව යම් ජපන් දේශපාලනඥයෝ පසුගියදා ප්‍රකාශ කළහ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Mao Ning මහත්මිය පැවසුවේ, ජපාන අගමැතිනිය ගේ  චීන තායිවාන ප්‍රදේශය පිළිබඳ වැරදි ප්‍රකාශ සම්බන්ධයෙන් චීනය නැවත නැවතත් තම ස්ථිර ස්ථාවරය ප්‍රකාශ කර ඇති බවයි. මෙම ප්‍රකාශ‍යෙන් චීනය සහ ජපානය අතර දේශපාලන ලියවිලි හතරේ අන්තර්ගතයන් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව ද Mao Ning මහත්මිය කියා සිටියාය.

ජපානයේ කුමන දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු රාජ්‍ය පාලනයේ සිටියත්, ජපාන රජය චීනයේ තායිවාන ප්‍රදේශ ගැටළුව සම්බන්ධයෙන් තම පොරොන්දු නිසි ලෙස ඉටු කළ යුතු බවත් එම කැපවීම් ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කළ යුතු බවත් Mao Ning මහත්මිය අවධාරණය කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *