චීන-ජපාන යහපත් සබඳතාවක් ගොඩනැඟීම සඳහා සුබවාදී අපේක්ෂාවක්

චීන-ජපාන යහපත් සබඳතාවක් ගොඩනැඟීම සඳහා සුබවාදී අපේක්ෂාවක්

දෙරට සබඳතාවේ ස්ථාවර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජපානය චීනය සමඟ එක්ව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(2) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

චීනයේ ස්ථාවර වර්ධනය සමස්ත කලාපයට හිතකර යැයි ජපාන අගමැති Ishiba Shigeru මහතා පසුගියදා පැවති එරට තාවකාලික කොංග්‍රසයේ සමාරම්ක උත්සවයේදී පවසා ඇති බව වාර්තා විය. අනාගතයේ තමා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමඟ එළඹි උපායමාර්ගික අන්‍යෝන්‍ය සබඳතා සම්පූර්ණයෙන් ප්‍රවර්ධනය කොට සංවර්ධනාත්මක හා ස්ථාවර ජපාන-චීන සබඳතා ගොඩනැගීමට  සූදානමින් සිටින බවත් ඒ සඳහා චීන නායකයන් ඇතුළු විවිධ මට්ටමේ පුද්ගලයින් සමග සම්බන්ධීකරණය පැවැත්වීමට අපේක්ෂා කරන බවත් ඔහු එහිදී සඳහන් කළේය.

ඒ පිළිබඳව Lin Jian මහතා ප්‍රකාශ කළේ,  ජපාන-චීන සබඳතා දිගු කාලීන හා විධිමත් ව වර්ධනය වීම දෙරටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට අනුකූල වන බවයි. ඉතිහාසය නිවැරදි ලෙස අවබෝධ කර ගනිමින් ජපානයට චීනය පිළිබඳ සැබෑ හා වෛෂයික අවබෝධයක් ඇති කර ගත හැකි යැයි බලාපොරොත්තු වන බව ද Lin Jian මහතා එහිදී පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *