චීන-ජපන් උසස් පෙළේ දේශපාලන සංවාදයක් බෙයිජිංහිදී

චීන-ජපන් උසස් පෙළේ දේශපාලන සංවාදයක් බෙයිජිංහිදී

චීන ජපන් උසස් පෙළේ දේශපාලන සංවාද ක්‍රමවේදයේ සාකච්ඡාවක් (4)  බෙයිජිංහිදී පැවැත්විණ. ඒ, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ‍ සාමාජික, මධ්‍යම විදේශ කටයුතු කාර්යාලයේ අධ්‍යක්ෂ වං යී මහතා සහ ජපාන කැබිනට් විශේෂ උපදේශක, ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රධානි Takeo Akiba මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජපානය වාස්තවික හා තාර්කික අවබෝධයක සිට චීනය සම්බන්ධව සලකා බැලිය යුතු අතර විශේෂයෙන් තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ලබා දුන් දේශපාලන පොරොන්දු පිළිපැදිය යුතු බව වං යී මහතා එහිදී පැවසීය. 

   චීන-ජපන් දේශපාලන ලියවිලි හතරට අදාළ මූලධර්ම හා එකඟතාවන් අනුගමනය කරමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත උපායමාර්ගික සම්බන්ධතාවය ඉදිරියට ගෙන යාමෙහි නිරත විය යුතු බව දෙපාර්ශ්වය එහිදී යළිත් අවධාරණය කළේය.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් අසල්වැසි රටවල් වන චීනය හා ජපානය, සමීපව සම්බන්ධ වන අතර දෙපාර්ශ්වයම ආර්ථික අනුපූරකත්වයෙන් යුතු බව පොදු අදහසකි. එමෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධතා දුර්වල කර නො‍ගෙන ආර්ථික හා වෙළඳ සහයෝගීතාවේ විධිමත් වර්ධනය සහ නිෂ්පාදන හා සැපයුම් දාමයන්හි ස්ථාවර සන්නිවේදනය එක්ව ප්‍රවර්ධනය කළ යුතුව ඇත.

ෆුකුෂිමා න්‍යෂ්ටික විදුලි බලාගාරයේ න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම පිළිබඳව ද එහිදී අවධානය යොමු කෙරිණ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *