චීන ජනපති හා හංගේරියානු අගමැතිවරයාගේ සහභාගීත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ හංගේරියානු අගමැති Viktor Orbán මහතා ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක් වෙති. එම මාධ්‍ය හමුව ඊයේ(9) පස්වරුවේ Budapest අගනුවර පිහිටි අගමැති මන්දිරයේ දී පැවැත්විණ.

දිගු කලක් තිස්සේ, චීනය සහ හංගේරියාව සෑමවිටම  අන්‍යෝන්‍ය විශ්වාසයෙන් සහ සහයෝගයෙන් සමීප මිතුරන් මෙන්ම ජයග්‍රාහී සහයෝගීතාවයෙන් අවංක හවුල්කරුවන් ලෙස ද කටයුතු කළ බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. නව යුගයට ගැළපෙන සර්වකාලීන විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය ස්ථාපිත  කිරීම නව ආරම්භයක් ලෙස සලකා ද්විපාර්ශ්වික සබඳතා හා ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත් ඉහළ මට්ටමකට ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම පෙන්වා දී තිබේ.

වර්තමානයේ චීන මාදිලියේ නවීකරණය සමඟ ශක්තිමත් රටක් ගොඩනැගීම සහ ජාතික පුනර්ජීවනය ප්‍රවර්ධනය කිරීමෙහි චීනය නියැළී සිටී. හංගේරියාව සමඟ පොදු සංවර්ධනයක් සහ පොදු සමෘද්ධියක් සාක්ෂාත් කර ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේය. දෙපාර්ශ්වයේම ඒකාබද්ධ ප්‍රයත්නයන් සමඟ චීනයට සහ හංගේරියාවට වඩා සුන්දර අනාගතයක් උදාවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

හංගේරියාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති ෂී ජින්පිං මහතාගේ හංගේරියාවේ නිල සංචාරය උණුසුම් ලෙස පිළිගන්නා බව හංගේරියානු අගමැති Viktor Orbán මහතා එහිදී පැවසීය. දුෂ්කරතාවලට මුහුණ දුන් සියලු අවස්ථාවලදී හංගේරියාවට වටිනා ආධාර සැපයීම සම්බන්ධයෙන් හෙ‌තෙම චීනයට ස්තුතිය පළ කළේය. ෂී ජින් පිං මහතා විසින් යෝජනා කරන ලද ගෝලීය මුලපිරුම් මාලාවට හංගේරියාව සහය දක්වනු ඇත. එමෙන්ම හංගේරියානු-චීන සබඳතා තවදුරටත් වැඩිදියුණු කරමින් සහයෝගීතාවයේ ස්ථිර හවුල්කරුවන් බවට පත්වීමට හංගේරියාව බලාපොරොත්තු වන බව ද Viktor Orbán මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *