චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්

චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති සහ සෙනෙට් සභාවේ සභාපති Hun Sen මහතා හමු වෙයි. එම හමුව (17) පස්වරු‍වේ කාම්බෝජයේ නොම් පෙන් හිදී සිදුවිය.

චීනය සහ කාම්බෝජය මිත්‍රශීලී අසල්වැසියන් වන අතර, ඊටත් වඩා සමීප මිතුරන් ද වන බව ෂී ජින් පිං මහතා එම හමුවේදී පෙන්වා දුන්නේය. වත්මන් චීනය සහ කාම්බෝජය ජාතික සංවර්ධනයේ තීරණාත්මක අවධියක සිටී. දෙපාර්ශ්වයම සිය ජනතාවගේ යහපැවැත්ම වැදගත් කොට සැලකිය යුතුය.  තම නවීකරණය ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලියේදී පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සඳහා ආදර්ශයක් විය යුතු බව ද ෂී ජින් පිං මහතා සඳහන් කළේය.

සැමවිටම  කාම්බෝජයේ ස්ථාවරත්වය සහ ආර්ථික සංවර්ධනයට සහාය දෙන චීනය, කලාපීය හා ජාත්‍යන්තර වේදිකාවන් තුළ වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම සඳහා කාම්බෝජයට සහයෝගය දක්වන බවද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. දෙපාර්ශ්වයම විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා තහවුරු කළ යුතු අතර කාම්බෝජයට චීනයෙන් වැඩි සංවර්ධන අවස්ථා හිමි කර ගැනීමට ඉඩ සලසන බව ද හෙතෙම කියා සිටියේය.

පක්ෂ ගොඩනැගීම ශක්තිමත් කිරීම සහ ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම යනාදී ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් කාම්බෝජය සමඟ අදහස් හුවමාරු කර ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

චීනයේ සහයෝගය කාම්බෝජයේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට සහ ජනතාවගේ ජීවිත වැඩිදියුණු කිරීමට වැදගත් දායකත්වයක් ලබා දී ඇති අතර, ඒ පිළිබදව කාම්බෝජය චීනයට බෙහෙවින් කෘතඥ වන බව Hun Sen මහතා එහිදී පැවසීය.

එකම චීනය ප්‍රතිපත්තියට දැඩිව අනුගත වන කාම්බෝජය, තායිවානය, ෂින්ජියැං සහ Xi zang පිළිබඳ කරුණු සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරයට සහාය දක්වමින්, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන ඕනෑම බලවේගයකට විරුද්ධ වේ. චීනය සමඟ උපායමාර්ගික ආරක්ෂක සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් මානව හා සංස්කෘතික හුවමාරු යනාදී විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතා පුළුල් කිරීමට කාම්බෝජය කැමැත්තෙන් සිටින බව Hun Sen මහතා සඳහන් කළේය. විවිධ අවදානම් සහ අභියෝගවලට මුහුණ දීම සඳහා චීනය සමඟ එක්ව කටයුතු කිරීමට කාම්බෝජය සූදානමින් සිටින බව ද ඔහු කියා සිටියේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *