එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුව සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එක්වනු ඇත. එළඹෙන 13වැනි දා සිට 17වැනි දා දක්වා පේරු රාජ්‍යයේ ලීමා අගනගරයේ එම සමුළුව පැවැත්වීමට නියමිත ය. පේරු ජනාධිපතිවරයාගේ ආරාධනාවක් පරිදි චීන ජනාධිපතිවරයා එරට නිල සංචාරයක නිරත වීමට ද අපේක්ෂා කරයි.
එමෙන් ම එළඹෙන 17වැනි දා සිට 21වැනි දා දක්වා බ්‍රසීලයේ Rio de Janeiro නුවරදී පැවැත්වෙන ජී-20 කණ්ඩායමේ 19වන නායක සමුළුව සඳහා චීන ජනාධිපතිවරයා එක් වනු ඇත. බ්‍රසීල ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව ෂී ජින් පිං මහතා එරට නිල සංචාරයක නිරත වීමට ද නියමිත ව තිබේ.