චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බෙයිජිං නගරයේ විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදනය පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි.
හෙතෙම අද(9) උදෑසන බෙයිජිං නගරයේ පිහිටි ජාතික තොරතුරු තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයට පැමිණ එහි තොරතුරු තාක්ෂණික භාවිතයේ නවෝත්පාදනය සහ නගරයේ ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදන මධ්‍යස්ථානය කඩිනමින් ගොඩනැගීම පිළිබඳ තත්ත්වය විමසා බැලීය.
ජනාධිපතිවරයා විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදන ජයග්‍රහණ ප්‍රදර්ශනය නරඹමින් පර්යේෂකයින් හා තාක්ෂණ සමාගම් නියෝජිතයන් සමග සුහද පිළිසඳරක නිරත විය.
