චීන ජනපති නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ වැදගත්කම අවධාරණය කරයි

චීන ජනපති නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ වැදගත්කම අවධාරණය කරයි

චීනයටම අනන්‍ය වූ තාක්ෂණික ස්වාධීනත්වය සහ විවිධ කාර්මික ක්ෂේත්‍රයන්හි මූලික තාක්ෂණ ක්‍රමවේද නිසි ලෙස ග්‍රහණය කර ගනිමින් නිෂ්පාදන කර්මාන්ත  සංවර්ධනය තවදුරටත් තහවුරු කළ  යුතු යැයි චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කරයි. 

ඔහු එසේ පැවසුවේ ඊයේ (19) පස්වරුවේ Henan පළාතේ Luoyang නගරයේ පිහිටි LYC Bearing සමූහ සංස්ථා පරිශ්‍රය නිරීක්ෂණයට එක්වෙමිනි. 

නිෂ්පාදන කර්මාන්තය සංවර්ධනය කිරීම කෙරෙහි චීනය අඛණ්ඩව යොමුවී සිටි බව ෂී ජින්පිං මහතා කියා සිටියි. මීට පෙර ගිනිකූරු, සබන්, යකඩ ඇතුළු භාණ්ඩ ආනයනය කරමින් පැවති යැපීමේ තත්ත්වයේ සිට මේ වනවිට සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි ලෝක නිෂ්පාදන කර්මාන්තයේ දැවැන්තම රට බවට පරිවර්තනය වීම දක්වා වූ ගමන් මග නිවැරදි බව ඔහු ප්‍රකාශ කළේය. චීන මාදිලියේ නවීකරණය සැබෑ කර ගැනීම සඳහා, නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනය තහවුරු කරමින්, ඒ පිළිබඳ අධ්‍යාපනය හා අධ්‍යයනය ඒකාබද්ධ කර උසස් මට්ටමේ ප්‍රවීණයින් විශාල ප්‍රමාණයක් බිහි කිරීම වැදගත් බව ද ඔහු පෙන්වා දී තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *