චීන ජනපති චීන මහජන විමුක්ති හමුදාවේ තොරතුරු සහාය බලකාය නිරීක්ෂණය කරයි

චීන ජනපති චීන මහජන විමුක්ති හමුදාවේ තොරතුරු සහාය බලකාය නිරීක්ෂණය කරයි

චීන ජනාධිපති ෂි ජින් පිං මහතා චීන මහජන විමුක්ති හමුදාවේ තොරතුරු සහාය බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා ඊයේ(4) පැවති එම තොරතුරු සහාය බලකායේ කොමියුනිස්ට් පක්ෂයේ පළමු නියෝජිත සම්මේලනයට උණුසුම් සුබ පැතුම් පිරිනමමින් එහි සියලුම නිලධාරීන් හා සෙබළුන් වෙත සිය හෘදයාංගම දිරිගැන්වීම් පළ කළේය.

නව යුගයේ හමුදාව ශක්තිමත් කිරීමේ චින්තනය සහ උපායමාර්ගික මූලධර්ම ක්‍රියාත්මක කොට හමුදාවේ පදනම තහවුරු කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කර ඇත. චීන හමුදාවේ ජාල තොරතුරු පද්ධතියේ පුළුල් වර්ධනය තහවුරු කිරීම සඳහා ප්‍රබල නවීන සහාය බලකායක් ගොඩනැගීමට උත්සාහ දැරිය යුතු බව හෙතෙම ‍එහිදී පෙන්වා දුන්නේය.

තොරතුරු සහාය බලකාය, හමුදා සේවාවන්හි ව්‍යුහාත්මක සැකසීම් සහ ප්‍රතිසංස්කරණ සඳහා අලුතින් පිහිටුවන ලද උපායමාර්ගික බලවේගයකි. මෙම වසරේ අප්‍රේල් මාසයේදී, ෂී ජින් පිං මහතා එම බලකාය වෙත හමුදා ධජය ප්‍රදානය කර එම බලකාය දිරිගන්වමින් මඟපෙන්වීමේ දේශනයක් පැවැත්වීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *