2025 යුනෙස්කෝ ගැහැණු ළමුන් සහ කාන්තා අධ්‍යාපනය සඳහා වූ සම්මාන ප්රදානෝත්සවය හෙවත් එම සම්මානය පිහිටුවීමේ 10 වන සංවත්සර උත්සවය අද(19) බෙයිජිංහිදී පැවැත්විණ. චීන ජනාධිපති ආර්යාව වන ගැහැණු ළමුන් සහ කාන්තා අධ්‍යාපනය පිළිබඳ යුනෙස්කෝ විශේෂ නියෝජිත පෙන්ග් ලියුවාන් මහත්මිය සහ යුනෙස්කෝ අධ්යක්ෂ ජනරාල්වරිය ද ඊට එක්වූහ.

යුනෙස්කෝ ගැහැණු ළමුන් සහ කාන්තා අධ්‍යාපනය සඳහා වූ සම්මානය ස්ථාපිත කිරීමේ 10 වැනි සංවත්සරය මෙම වසරට යෙදෙන බව පන්ග් ලීයුවාන් මහත්මිය එම අවස්ථාවේදී ප්‍රකාශ කළාය. මානව ප්‍රජාවට බුද්ධිමත් යුගයක් උදාවී ඇත. කාන්තා විද්‍යා අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දිය යුතු අතර තාක්ෂණික විප්ලවය වැළඳ ගනිමින් අපූරු ජීවිතයක් නිර්මාණය කිරීමට ඔවුන්ට ඉඩ සැලසිය යුතු යැයි ද ඇය අවධාරණය කර ඇත.
චීනය සහ යුනෙස්කෝව 2015 වසරේදී ගැහැණු ළමුන් සහ කාන්තා අධ්‍යාපනය සඳහා සම්මාන ප්‍රදානෝත්සවයක් ආරම්භ කළ දා සිට, රටවල් 19 ක ව්‍යාපෘති 20 ක් මෙම සම්මානය දිනා ගෙන ඇත.
