චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා (16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ වියට්නාම නිල සංචාරය පිළිබඳව විස්තර කළේය. අප්‍රේල් 14 දා සිට 15 දක්වා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ආරාධනාවකට අනුව වියට්නාමයේ නිළ සංචාරයක නිරත විය. එය වසර 10ක් තුළ ෂී ජින් පිං මහතා වියට්නාමයේ සිදු කළ සිව්වන සංචාරය වන අතර, මෙම වසරේ ඔහුගේ පළමු විදේශ සංචාරයයි. සංචාරය සම්පූර්ණයෙන්ම සාර්ථක බව Lin Jian මහතා පැවසීය.
මෙම සංචාරය අතරතුර, පොදු ඉරණමක් සහිත චීන-වියට්නාම ප්‍රජාව ගොඩනැගීම ගැඹුරු කිරීම සඳහා වැදගත් පියවර හයක් ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළේය. වඩාත් පූර්ණ සහයෝගීතා රටාවක් ගොඩනැගීම සඳහා චීනයේ නව ගුණාත්මක ඵලදායීතාව සංවර්ධනය කිරීම සහ වියට්නාමයේ නව ආකාරයේ ඵලදායීතාව සංවර්ධනය කිරීම අවස්ථාවක් කර ගැනීමට දෙපාර්ශ්වය එකඟ වූහ.
සංචාරයේ දී එළඹි වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කිරීමෙන් පොදු ඉරණමක් සහිත චීන-වියට්නාම ප්‍රජාවේ ස්ථාවර හා දිගුකාලීන සංවර්ධනය සහතික කිරීමට චීනය වියට්නාමය සමඟ එක්ව අවංකව කටයුතු කරනු ඇති බව ද Lin Jian මහතා පැවසීය.