චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා සහ චිලී විදේශ කටයුතු අමාත්‍ය Alberto van Klaveren Stork මහතා අතර සාකච්ඡාවක් ඊයේ(4) පැවැත්විණ. දෙරට අතර පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යන ලෙස දෙපාර්ශවයෙන් ඉල්ලා සිටින බව වැන්ග් යී මහතා එහි දී පැවසීය.
භූගෝලීය වශයෙන් චීනය සහ චිලී රාජ්‍ය වෙන් වුවද, දෙරටේ ජනතාව අතර සුහදත්වය හා මිත්‍රත්වය බෙදා ගනිමින් ද්විපාර්ශ්වික සබඳතා ක්‍රමයෙන් වර්ධනය වී තිබේ. පසුගිය වසර කිහිපය තුළ දෙරටේ නායකයින් අතර පැවති හමුවීම්වලදී සතුටුදායක ප්‍රතිඵල ලබා ගැනීමට ද්විපාර්ශ්වික සහයෝගීතාවය මග පෙන්වූ බව ද ඔහු පැවසීය. ලබන වසරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 55 වැනි සංවත්සරය සහ දෙපාර්ශ්වය විසින් අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුමේ 20 වැනි සංවත්සරය සනිටුහන් වේ. දෙරටේ එකඟතාවය මත චිලී සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බව ද වැන්ග් යී මහතා පැවසීය.
Alberto van Klaveren Stork මහතා පැවසුවේ චිලී රාජ්‍යය එකම චීනය මූලධර්මය තදින්ම පිළිපදින බවයි. මෙය චිලී හි විදේශ ප්‍රතිපත්තියේ වැදගත් පදනමක් වන අතර, එය කිසිඳු අයුරකින් වෙනස් නොවන බව ද ඔහු පැවසීය. චිලී චීනය සමඟ ඉහළ මට්ටමේ සහ ජනතාව අතර හුවමාරු ශක්තිමත් කිරීමට, විවිධ ඉදිරි පෙළ ක්ෂේත්රවල සහයෝගීතාව ගැඹුරු කිරීමට, සබඳතා වැඩිදියුණු කිරීමට සහ ද්විපාර්ශ්වික සබඳතා හි ප්‍රගතිය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට සූදානම් බව ඔහු පැවසීය.