චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෑතකදී පක්ෂ විනය තර කිරීම සඳහා රෙගුලාසි අටකින් යුත් තීරණයක් ස්ථිර ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳව වැදගත් උපදෙස් ලබා දුන්නේය. පක්ෂ චර්යාව පක්ෂයේ ස්වරූපයයි. එය පක්ෂය ඇති හෝ නැති වීමට තදින් බලපාන බවද හෙතෙම සඳහන් කළේය. එම රෙගුලාසි අටක තීරණය නොකඩවාම ක්‍රියාත්මක කරමින් පක්ෂය මනා ලෙස ගොඩනගා පිරිසිඳු මෙන්ම විනයගරුක කණ්ඩායමක් බිහි කළ යුතු ය. එයින් ජනතාව වෙනුවෙන් කැපවීම් කරන චීන කොමියුනිස්ට් පක්ෂය, ජනතාව එක්සත් කර සිය ඓතිහාසික වගකිම් සාර්ථකව සාක්ෂාත් කරනු ලැබිණ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ගොඩනැගීමේ කටයුතු පිළිබඳ කාර්යාලය (29) රැස්වීමක් පවත්වා ෂී ජින් පිං මහතාගේ නියෝග පැහැදිලි කර ඇත. පක්ෂ විනය තර කිරීම සඳහා රෙගුලාසි අටක තීරණය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල, පක්ෂ හැසිරීම වැඩිදියුණු කිරීමේ දිගුකාලීන යාන්ත්‍රණය පිළිබඳව එහි දී සාක්ච්ඡා කෙරිණ
