චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසියේ මාර්ගෝපදේශ අධ්‍යයනය කර ක්‍රියාවට නැංවීම පිළිබඳ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක කණ්ඩායමේ ප්‍රථම වාර්තා රැස්වීම අද(29) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහශාලාවේදී පැවැත්විණ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුව හා චීන අධ්‍යාපන අමාත්‍යාංශය යනාදී ආයතන විසින් එම රැස්වීම පවත්වන ලදී. මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක කණ්ඩායමේ සාමාජික, මධ්‍යම කාරක සභාවේ මූල්‍ය කමිටු කාර්යාලයේ උප අධ්‍යක්ෂ Han Wenxiu මහතා එහිදී වාර්තාවක් ඉදිරිපත් කළේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසියේදී ජනාධිපති ෂී ජින් පිං මහතා පැවැත්වූ වැදගත් දේශනය සහ පූර්ණ සැසියේ සම්මත වූ‘ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා 15 වන පස් අවුරුදු සැලැස්ම සකස් කිරීම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ යෝජනාව’ට අනුව, Han Wenxiu මහතා එම යෝජනාව සකස් කිරීම පිළිබඳව පැහැදිලි කළේය. ඔහු එහිදී 15 වන පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ පරිසරය හඳුන්වා දෙමින් එයින් සිදු කෙරෙන මගපෙන්වීම, මූලධර්ම සහ අරමුණු සඳහන් කරමින් ප්‍රධාන උපායමාර්ගික යෙදවීම් පිළිබඳව සවිස්තරව පැහැදිලි කළේය.
